අපගේ දැක්ම,

ආර්ථික හා සමාජීය වශයෙන් තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක් ගොඩනැංවීමයි.

vision 1
 
vision 1

රාජ්‍ය සේවා විශ්‍රාමිකයින් හා ඔවුන්ගේ ප්‍රතිලාභීන් සඳහා තොරතුරු තාක්ෂණය හා තිරසාර කළමනාකරණ ක්‍රමවේද භාවිතයෙන්ද, පෞද්ගලික හා රාජ්‍ය අංශ මුහුවෙන් ඉහළ සේවාලාභී හා සේවාදායක තෘප්තිය තහවුරු කරමින් නෛතික ප්‍රතිලාභයන් පිළිගැන්වීම.

අපගේ මෙහෙවරයි.
 
අපගේ පරමාර්ථ වන්නේ
  • රාජ්‍ය සේවක විශ්‍රාම ප්‍රතිලාභ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය හා වැ. අ. ද. පනතට අනුකූලවන පරිදි පිළිගැන්වීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම හා ඊට අදාල විධිවිධානයන් පැනවීම
  • විශ්‍රාම වැටුප් සම්බන්ධව නෛතික රාමු,රීතීන්ට හා ප්‍රතිපත්ති තීරණවලට අනුකූලව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප පිළිගැන්වීම
  • මාසික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අඛන්ඩව ගෙවීම හා එක්වරක් ගෙවන ප්‍රතිලාභ නිරවද්‍යතාවයකින් යුක්තව පිළිගැන්වීම
  • රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ක්‍රමය නියාමනය හා ප්‍රතිලාභ පිළිගැන්වීම
  • රජය වෙනුවෙන් වැ. අ. ද. දායක මුදල් රැස්කිරීම හා අනෙකුත් ආදායම් රැස්කිරීම හා කළමනාකරණය කිරීම
  • විශ්‍රාම වැටුප් සකස්කිරීමේ ඒකක හා විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධ වන බැංකු හා ගෙවීම් ජාලය සමග ඵලදායි සම්බන්ධතාවයක් පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය
  • සමාජ ආරක්ෂණය පිළිබද ලෝක ප්‍රවණතා අධ්‍යයනය කරමින් නූතන සමාජ ආරක්ෂණ ක්‍රමයන් පිළිබදව ප්‍රතිපත්ති සම්පාදනය සදහා සහාය වීම
  • වාර්ෂික අයවැය පිළියෙළ කිරීම හා ප්‍රගතිය පිළිබදව ව්‍යවස්ථාදායකයට වගවීම
  • සමස්ථ විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික හා සමාජ සුභසාධනයට අවශ්‍ය වැඩසටහන් හදුනාගැනීම හා ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික හා රාජ්‍ය නොවන අංශයේ දායකත්වය ලබාගැනීම
  • විශ්‍රාමික සංගම් ප්‍රමුඛ කොටගත් සිවිල් සමාජය සක්‍රීයව සම්බන්ධ කරගනිමින් ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම
  • පරපුරවල් අතර අන්තර් සබදතාව ගොඩනැංවීම සදහා පුරෝගාමී ලෙස දායක වීම
යන අපගේ වටිනාකම් විශ්‍රාමික ප්‍රජාවගේ සමාජ හා ආර්ථික තෘප්තිය සහතික කිරීමට  සහය ලබා දෙමින්,
අභ්‍යන්තර හා බාහිර සේවාලාභීන්ගේ හා හවුල්කරුවන්ගේ වෘත්තීය නිපුනතාවයන්ට ගරු කරමින්,ඔවුන්ගේ කුසලතා මත විශ්වාසය තබමින් සහ වෘත්තීය අවංකත්වයට මුල්තැන දෙමින් ක්‍රියා පටිපාටි, මූල්‍ය නිරවද්‍යතාවය හා ප්‍රමිතීන් තහවුරු කරමින් නව්‍යකරණය සිදුකරමින්ද භාවිත කළමනාකරණ ක්‍රියාවලි හා තීරණවල විනිවිදභාවය පවත්වා ගනිමින් ජලය හා විදුලිය හා අනෙකුත් භෞතික සම්පත් ද ජෛව සම්පත් වල තිරසාර භාවිතයෙන් හා ප්‍රවර්ධනය කරයි.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline