කැළණිය වෙදමුල්ල නිවාඩු නිකේතනය
අගනුවර කලබලයෙන් මිදී ජීවිතේ වටිනාම අවස්ථා ගත කිරීමට පහසුකම් රැසක් අත්විඳින්න.
කොළඹ නුවර මාර්ගයේ,කොළඹ කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට නුදුරින් පිහිටි කැළණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයට එන්න.
- රාජ්‍ය, පෞද්ගලික අංශයේ සහ ව්‍යාපාරික රැස්වීම් හා සම්මන්ත්රණ
- ප්‍රිය සම්භාෂණ
- පුහුණු වැඩසටහන්
- විවාහ උත්සව
- උපන්දින සාද
රම්බොඩ නිවාඩු නිකේතනය
සුන්දර රම්බොඩ දිය ඇල්ල ට නුදුරින් සුවදායී පරිසරයක ආදරණීයන් සමඟ විවේකී නිවාඩුවක් ගත කිරීමට කැමති ඔබට
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රම්බොඩ විශ්‍රාමික නිවාඩු නිකේතනය කොළඹ සිට 147 Km දුරින් සහ නුවරඑළිය නගර මධ්‍යයේ සිට 34 Km දුරකින් පිහිටි ස්වභා දහමේ අපූර්වත්වය විඳ ගැනීමට කැමති ඔබ වෙනුවෙන් අඩුම මුදලකට ඉහළම පහසුකම් සපයා ඇති නිවාඩු නිකේතනයකි.
අංග සම්පූර්ණ කාමර 6 කින් යුක්ත මෙම නවාතැනෙහි එකවර 14 දෙනෙකු සඳහා නවාතැන් ගැනීමේ පහසුකම් පවතී. එක් එක් කාමර සඳහා වෙන වෙනම උණුසුම් ජලය සපයා ඇත.