සේවාලාභීන් නිතර අසන පැන
රාජ්‍ය සේවකයෙකු විශ්‍රාම ලබා ගැනීමෙන් පසු ඔවුන් වෙනුවෙන් විශ්‍රාම පාරිතෝෂිකය ලබා දෙනවනම්, රජයේ සේවයේ යෙදී සිටියදී මිය යන නිලධාරීන්/ නිලධාරිණියන් වෙනුවෙන් පාරිතෝෂිකය ලබා ගත නොහැකිද?
-
රජයේ සේවයේ යෙදී සිටියදී මිය යන නිලධාරීන්/ නිලධාරිණියන් වෙනුවෙන් මරණ පාරිතෝෂිකය ලබා ගැනීමේ හැකියාව පවතී.
මරණ පාරිතෝෂිකය යනු කුමක්ද?
-
රජයේ සේවයේ යෙදී සිටින නිලධාරීන්/ නිලධාරිණියන් සේවා කාලය තුළ මිය යාම හේතුවෙන් අගතියට පත්වන ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මරණ පාරිතෝෂිකය නම් වේ.
මරණ පාරිතෝෂිකය හිමිගන්වනු ලබන්නේ කුමන විධිවිධානයක් යටතේ ද?
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2.(ආ).1 වගන්තිය යටතේ මේ සඳහා විධිවිධාන පනවා ඇත.
මිය ගිය අයෙකු වෙනුවෙන් මරණ පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා යැපෙන්නන් විසින් සිදු කල යුත්තේ කුමක්ද?
- රජයේ සේවයේ යෙදී සිටින අතරතුර යම් අයෙකු මිය යාමෙන් පසු මරණ පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා මිය ගිය තැතැත්තා අවසන් වරට සේවය කළ ආයතනය හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බැවින් වහාම එම ආයතනයේ අදාල විෂය නිලධාරීන් හමු වී කරුණු සාකච්ඡා කර අවශ්‍ය ලේඛන භාරදිය යුතුය.
මෙහිදී ආයතනය ලෙස හඳුන්වන්නේ කුමක්ද?
-
මරණ පාරිතෝෂිකය ගෙවීමේ ක්‍රියාවලියේදී ආයතනය ලෙස හඳුන්වන්නේ මිය ගිය නිලධාරියා/නිලධාරිණිය අවසන් වරට සේවය කළ රජයේ ආයතනයයි. (කාර්යාලයයි)
මරණ පාරිතෝෂික අයදුම්පත් සම්බන්ධයෙන් තොරතුරු සම්පූර්ණ කිරීමේදී දායකයා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද?
- රජයේ සේවයේ ස්ථිර හා විශ්‍රාම වැටුප් හිමි තනතුරක සේවය කිරීම සඳහා පත්වීමක් ලබා ගත් වැන්දඹු හා අනත්දරු අරමුදලේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා හිමිකම් පවතින නිලධාරීන්/නිලධාරිණියන් දායකයා ලෙස හඳුන්වනු ලබයි.
මරණ පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු විශේෂ කරුණු තිබේද?
ඔව්. මරණ පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා පහත සඳහන් කරුණු සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.
- දායකයා මිය යන අවස්ථාවේදී විශ්‍රාම වැටුප් හිමි තනතුරක් දැරීම.
- අදාල තනතුරේ සේවය ස්ථිර කර තිබීම.
- මාස 60 ක දළ සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
මරණ පාරිතෝෂික අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්නේ කෙසේද?
මරණ පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා මරණ පාරිතෝෂික අයදුම්පත් (PD5) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු අතර, අයදුම්පත් යොමු කිරීම සමිබන්ධව විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 09/2015, 09/2015(III) මගින් උපදෙස් ලබා දී ඇත.
එකී උපදෙස් අනුව මිය ගිය දායකයා අවසන් වරට සේවය කළ ආයතනයේ විෂය නිලධාරියා විසින් එම තොරතුරු මරණ පාරිතෝෂික ගෙවීමේ දත්ත පද්ධතියට මාර්ගගත ව (Online) ඇතුළත් කර ලබා ගන්නා අයදුම්පතේ පිටපත (PD5) අනෙකුත් ලේඛන සමඟ ආයතන ප්‍රධානී සහතික කිරීමෙන් අනතුරුව තැපැල් මඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.
අදාල ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසු ගෙවීම් සිදු කරන තෙක් අයදුම්පතේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනගැනීමේ හැකියාවක් පවතීද?
- මරණ පාරිතෝෂික අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව එහි කටයුතු මාර්ගගත දත්ත පද්ධතියක් ඔස්සේ සිදු කරන බැවින් ඕනෑම අයෙකුට අයදුම්පතේ වර්තමාන තත්ත්වය පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ (https://www.pensions.gov.lk) පරික්ෂා කිරීමේ හැකියාව පවතී. එමෙන්ම අයදුම්පත් යොමු කිරීමේ සිට ගෙවීම් සිදු වන අවස්ථාව දක්වා අයදුම්පත යොමු වන එක් එක් අවස්ථාවන් දැනුවත් කරමින් යැපෙන්නන් ලෙස තොරතුරු ඇතුළත් කර ඇති අයෙකු සඳහා කෙටි පණිවුඩයක් යොමු කිරීමද සිදු කරනු ලැබේ.
දත්ත පද්ධතිය ඔස්සේ තොරතුරු පරික්ෂා කරන්නේ කෙසේද?
-
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වෙත පිවිස (https://www.pensions.gov.lk) එහි Public Services තුළ, මිය ගිය අයගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කර ඉදිරියට යා යුතු අතර , ඉන් පසුව PD5 අයදුම්පත් යන්න තෝරාගත යුතුය.
එහි දිස්වන තිරයෙහි Application State තුළින් අයදුම්පතේ වර්තමාන තත්වය දැක ගැනීමේ හැකියාව පවතී. එහි දී,
Application State යටතේ පෙන්වන කරුණු | එම කරුණ මඟින් කියවෙන දේ |
---|---|
Death gratuity application entered by office. waiting for application to receive by pensions department through mail. | මෙම ආකාරයෙන් පද්ධතියේ දිස්වන්නේනම් ආයතනය විසින් අයදුම්පත මාර්ගගත පද්ධතියේ ඇතුලත් කර ඇති බවත්, ඊට අදාල ලේඛන මේ වන තුරුත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් අදහස් කරයි. හැකි ඉක්මනින් ආයතනය හා සම්බන්ධ වී අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුය. අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලැබුණ පසු කෙටි පණිවුඩයක් ඔස්සේ අදාළ යැපෙන්නන් වෙත ඒ බව දැනුම් දෙනු ඇත. |
Death gratuity application received by the department of pensions | මරණ පාරිතෝෂික අයදුම්පතට අදාළ ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව මෙයින් අදහස් කෙරෙන අතර අයදුම්පත පරික්ෂා කරන තුරු යම් සැළකිය යුතු කාලයක් හිඳ ඉන් පසුව නැවත වරක් පද්ධතිය ඔස්සේ පරික්ෂා කර බැලීමට කාරුණික විය යුතුය. |
Death gratuity application rejected. please refer to the rejection reasons and take corrective actions | යනුවෙන් පෙන්වයිනම් විෂය නිලධාරියා අයදුම්පත පරික්ෂා කර අවසන් අතර එහි අඩුපාඩු පවතින බැවින් අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ අනුව වහාම ආයතනය සම්බන්ධ කර ගැනීමෙන් පසු අයදුම්පතෙහි අඩුපාඩු නිවැරදි කර නැවත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු ආයතනය විසින් කළ යුතුය. |
Death gratuity application re-submitted after corrections. waiting for application to receive by pensions department through mail | මෙලෙස දිස්වන්නේනම් ප්‍රතික්ෂේප කරන ලද අයදුම්පතට අදාළව අවශ්‍ය නිවැරදි කිරීම් ආයතනය විසින් සිදු කර ඇති බවත්, තවමත් එකී නිවැරදි කරන ලද ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් කියවෙන අතර ඒ අනුව හැකි ඉක්මනින් ආයතනය සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව එම ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. |
Corrected death gratuity application received to department of pensions | ප්‍රතික්ෂේප කරන ලද අයදුම්පතට අදාළව අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීමෙන් පසු, නිවැරදි කළ අයදුම්පත දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව මෙයින් ගම්‍ය වේ. ඒ අනුව අයදුම්පත පරික්ෂා කිරීම සඳහා යම් කාලයක් ලබා දී ඉන් අනතුරුව නැවත වරක් පද්ධතියේ අයදුම්පත සම්බන්ධව පරික්ෂා කර බැලීමට කාරුණික වන්න. |
Death gratuity application checked. pending approval | යනුවෙන් පෙන්වයිනම්, විෂය නිලධාරියා අයදුම්පත පරික්ෂා කර අවසන් අතර එහි අඩුපාඩු නොමැති හෙයින් ගෙවීම් අනුමත කිරීම සඳහා මාණ්ඩලික නිලධාරී වෙත යොමු කර ඇති බව කියවේ. |
Death gratuity application rejected by WOPAD | ලෙස දිස්වෙයිනම් අයදුම්පතේ යම් ගැටලුවක් හේතුවෙන් මාණ්ඩලික නිලධාරීයා විසින් අයදුම්පත සඳහා ගෙවීම් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ සමඟ විෂය නිලධාරියා විසින්ද අයදුම්පත ප්‍රතික්ෂේප කරන බැවින් වහාම ආයතනය සම්බන්ධ කර ගැනීමෙන් පසු අයදුම්පත සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කර නැවත ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුය. |
Approved death gratuity Payment is forwarded to Accounts Division for payments. | ඔබ පද්ධතියේ පරික්ෂා කිරීමේදී මෙලෙස දිස්වන්නේනම් අයදුම්පත සඳහා ගෙවීම් සිදු කිරීම ගැටලු සහගත නොවන බැවින් ගෙවීම් සිදු කිරීම අනුමත කර ගොනුව ගිණුම් අංශය වෙත යොමු කර ඇති බැව් කියවේ. |
Death gratuity application rejected by accounts branch | ලෙස පද්ධතිය මඟින් දිස්වන අවස්ථාවන්හීදි යම් ගැටලුවක් හේතුවෙන් ගිණුම් අංශය විසින් අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බව කියවෙන අතර ඒ අනුව දින කිහිපයක් ඇතුලත විෂය නිලධාරියා අයදුම්පත ප්‍රතික්ෂේප කර, අදාළ හේතු පද්ධතිය මඟින් දැනුම් දෙනු ඇති. ඒ අනුව අදාළ නිවැරදි කිරීම් සිදු කිරීම සඳහා ආයතනයේ විෂය නිලධාරියාට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුය. |
Death gratuity application processing completed. forwarded to payments | මෙමඟින් අයදුම්පත ගිණුම් අංශයෙන් පරික්ෂා කිරීමෙන් අනතුරුව ගෙවීම් සදහා යොමු කර ඇති බැව් කියැවේ. |
Deductions from death gratuity will be sent to the office of the deceased officer | යනුවෙන් පද්ධතිය තුළ පෙන්වයිනම් ගෙවීම් අනුමත කරන ලද අයඳුම්පතට අදාළව ගෙවීමේ සිදු කිරීම සඳහා මුදල් බැංකුව වෙත යවා අවසන් බව හා මරණ පාරිතෝෂික අයදුම්පතෙහි කටයුතු අවසන් බව කියවෙන අතර මරණ පාරිතෝෂිකය දින කිහිපයක් ඇතුලත යැපෙන්නන්ගේ ගිණුම් සඳහා බැර වෙනු ඇති බව අදහස් කෙරෙයි. |
අයදුම්පතෙහි අඩුපාඩු යනුවෙන් හඳුන්වනු ලබන්නේ මොනවාද?
-
මරණ පාරිතෝෂික ගෙවීමේ ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමය අනුව සිදු කරනු ලබන බැවින් අදාළ තොරතුරු නිවැරදිව පද්ධතියෙහි ඇතුලත් කළ යුතුය. එසේ තොරතුරු ඇතුලත් කිරීමේදී යම් අතපසුවීමකින් දත්ත වැරදි ආකාරයට ඇතුලත් වීම හා මරණ පාරිතෝෂික ගෙවීම සඳහා PD5 අයඳුම්පත සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ලේඛන අතුරින් ලේඛනයක් හෝ කිහිපයක් ඉදිරිපත් කර නොතිබීම වැනි කරුණු අඩුපාඩු ලෙස හඳුන්වනු ලබයි.
යම් අයදුම්පතක් සම්බන්ධව පවතින අඩුපාඩු මොනවාදැයි දැනගන්නේ කෙසේද?
-
ඔබ ආයතනය මඟින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් සම්බන්ධව ගැටලු පවතින අවස්ථාවන්හීදී එම ගැටලු සඳහන් කරමින් අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම දත්ත පද්ධතිය මඟින් සිදු කරන බැවින් එකී සියලුම අඩුපාඩු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය මඟින් (https://www.pensions.gov.lk) ඕනෑම අයෙකුට පරීක්ෂා කිරීමේ හැකියාව පවතී. තවද, අයදුම්පත් යම් හේතුවක් මත ප්‍රතික්ශේප වූයේනම් ඒ බව සඳහන් කරමින් යැපෙන්නන් වෙත කෙටි පණිවිඩයක් යොමු කරන බැවින් අදාළ ආයතනය සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව එම ආයතනයේ විෂය නිලධාරියා මාර්ගයෙන් අයදුම්පත ප්‍රතික්ෂේප වූ හේතුව දැන ගැනීමේ හැකියාව පවතී.
දත්ත පද්ධතිය මඟින් අයදුම්පත ප්‍රතික්ෂේප වූ කරුණු පරික්ෂා කරන්නේ කෙසේද?
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබි අඩවිය වෙත පිවිස (https://www.pensions.gov.lk) එහි Public Services තුළ මිය ගිය අයගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කර ඉදිරියට යා යුතු අතර , ඉන් පසුව PD5 අයදුම්පත් යන්න තෝරාගත යුතුය. එහි දිස්වන තිරය තුළ Application State යටතේ ඇති View Reasons බටනය Click කිරීම මඟින් අයදුම්පත ප්‍රතික්ෂේප වූ කරුණු පරික්ෂා කිරීමේ හැකියාව ඇත.
- එහිදී, අයදුම්පත ප්‍රතික්ෂේප වූ සෑම වාරයකදීම ප්‍රතික්ෂේප කරන ලද හේතු සඳහන්ව ඇති අතර, ආසන්නතම දිනයේ ප්‍රතික්ෂේප වූ හේතූන් පහළින්ම දක්වා ඇත. එහි ප්‍රතික්ෂේප කරන ලද හේතුව හා දිනය සටහන්ව ඇති බැවින් පහසුවෙන් පැහැදිලි කර ගැනීමේ හැකියාවක් ඕනෑම අයෙකුට ඇත.
අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසු එම ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්නේ කෙසේද?
-
මේ වන විට අයදුම්පත් වල අඩුපාඩු ගෙන්වීම E-Mail මාර්ගයෙන් සිදු කරනු ලබන අතර, අප වෙත ඉදිරිපත් කරනු ලබන සියලු ලේඛන ආයතන ප්‍රධානී විසින් සහතික කිරීමෙන් අනතුරුව Scan කර PDFආකාරයට E-Mail මාර්ගයෙන් යොමු කළ යුතුය. තවද, අදාල E-Mail පණිවිඩය යොමු කිරීමේදී මරණ පාරිතෝෂික යොමු අංකය සටහන් කිරීම අනිවාර්ය වේ. එසේ E-Mail පණිවිඩය යොමු කළ පසු 011 – 2332346 අංකය ඔස්සේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය සම්බන්ධ කර ගෙන අදාළ ලේඛන ලැබී ඇත්ද යන්න තහවුරු කර ගැනීමේ හැකියාව පවතී.
තැපැල් මාර්ගයෙන්ද අඩුපාඩු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තැපැල් අංශය වෙත අතින් ගෙනැවින් භාර දෙන ලේඛනද භාර ගනී. ( සෑම ලේඛනයක්ම අදාළ ආයතනයේ ආයතන ප්‍රධානියා විසින් සහතික කර තිබීම අනිවාර්ය වේ).
මරණ පාරිතෝෂිකය හිමිගැන්වීම පිළිබඳව හෝ ඒ සම්බන්ධ යම් ගැටලුවක් පැන නගින වෙනත් අවස්ථාවකදී කළ යුතුතේ කුමක්ද?
-
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය (https://www.pensions.gov.lk) වෙත පිවිසීමෙන් ඔබට අවශ්‍ය සියලුම තොරතුරු පරික්ෂා කිරීමේ හැකියාව පවතින බැවින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ නොවී ඔබගේ අයදුම්පත සම්බන්ධව හෝ වෙනත් ඕනෑම කරුණක් සම්බන්ධව ගැටලුවක් ඇති අවස්ථාවකදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වෙත පිවිස අදාළ කරුණු පරික්ෂා කර ගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙමු. වෙබ් අඩවියේ සඳහන් නොවන කරුණක් පිළිබඳව දැනගැනීමේ අවශ්‍යතාවයකදී පමණක් 011 – 2332346 අංකය ඔස්සේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය අමතා තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතී.
විෂය නිලධාරීන් නිතර අසන පැන
මරණ පාරිතෝෂිකය ගෙවනු ලබන්නේ කවුරුන් උදෙසාද?
-
සේවයේ යෙදෙමින් සිටියදී මිය යනු ලබන, දළ සේවා කාලය මාස 60ක් සපුරා ඇති රජයේ නිලධාරීන්ගේ/ නිලධාරිනියන්ගේ යැපෙන්නන් වෙත මරණ පාරිතෝෂිකය ගෙවනු ලබයි.
මරණ පාරිතෝෂික ගෙවීම සම්බන්ධව විධිවිධාන සළසා ඇත්තේ කුමකින්ද?
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2(ආ) වගන්තිය මගින් මරණ පාරිතෝෂිතය ගෙවීම සම්බන්ධව විධිවිධාන සලසා ඇත.
සේවයෙන් ඉල්ලා අස්වූ හෝ සේවය අතහැර ගොස් සිටි නිලධාරියෙකු මිය ගිය විට ඔහු හෝ ඇය වෙනුවෙන් මරණ පාරිතෝෂිකය හිමිගැන්විය හැකිද?
-
නොහැක. මරණ පාරිතෝෂිකය ගෙවිය හැක්කේ සක්‍රීය සේවයේ සිටියදී මිය ගිය නිලධාරීන් සඳහා පමණි.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා ලද, නමුත් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර මිය යන නිලධාරීන් සඳහා මරණ පාරිතෝෂිකය හිමිගැන්විය හැකිද?
-
නොහැක. නමුත් නිලධාරියා විශ්‍රාම පාරිතෝෂිකය සඳහා මනාපය පළ කර ඇත්නම් විශ්‍රාම පාරිතෝෂිකය ගෙවිය හැකි අතර, විශ්‍රාම පාරිතෝෂිකය සඳහා මනාපය පළ කර නොමැතිනම් නිලධාරියා මිය ගිය දිනය දක්වා ගෙවිය යුතුව තිබූ විශ්‍රාම වැටුප පමණක් උරුමකරුවන් වෙත ගෙවිය හැක. ඒ සඳහා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2.39 වගන්තිය යටතේ විධිවිධාන සළසා ඇති අතර, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 7/2022 අනුව උරුමකරු ගෙවීම් සඳහා අයදුම්පත් යොමු කළ යුතුය. (උරුමකරු ගෙවීම් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මධ්‍යගත විශ්‍රාම වැටුප් අංශයෙන් සිදු කෙරේ.)
මරණ පාරිතෝෂික අයදුම්පත් මාර්ගගත පද්ධතිය මඟින් යොමු කිරීමේදී ගැටලු ඇතිවන අවස්ථාවන්වලදී සිදු කළ යුතුතේ කුමක්ද?
-
මාර්ගගත පද්ධතිය මඟින් අයදුම්පත් යොමු කිරීමේදී ගැටලු ඇතිවන අවස්ථාවන්හීදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශය හා සම්බන්ධ වී තාක්ෂණික උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුය. ඒ සඳහා inquiry,
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපින මඟින් හෝ 011 - 5 920 403 දුරකථන අංකය ඔස්සේ තොරතුරු තාක්ෂණ අංශය සම්බන්ධ කර ගත හැක.
2006 වර්ෂයට පෙර මිය ගිය නිලධාරීන්ගේ වැටුප් පරිමාණ මාර්ගගත පද්ධතියේ පෙන්නුම් නොකෙරේ. මෙවැනි අවස්ථාවන්හීදී කළ යුතුතේ කුමක්ද?
-
2006 වර්ෂයට පෙර වැටුප් පරිමාණ මාර්ගගත පද්ධතියේ ඇතුළත් කර නොමැත. එවැනි අයදුම්පත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 09/2015 හි දක්වා ඇති මුද්‍රිත අයදුම්පත් ආකෘතිය සමඟ මාර්ගගත නොවන ආකාරයට (Manual) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.
මරණ පාරිතෝෂික අයදුම්පත් යොමු කිරීම සම්බන්ධව උපදෙස් ලබා දී ඇති චක්‍රලේඛ මොනවාද?
මරණ පාරිතෝෂිකයක් හිමිගැන්වීම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික කරුණු මොනවාද?
මරණ පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා පහත සඳහන් කරුණු සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.
- දායකයා මිය යන අවස්ථාවේදී විශ්‍රාම වැටුප් හිමි තනතුරක් දැරීම.
- අදාල තනතුරේ සේවය ස්ථිර කර තිබීම.
- මාස 60 ක දළ සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
මරණ පාරිතෝෂිකය ගණනය කරන්නේ කෙසේද?
-
විශ්‍රාම වැටුප් ව්‍යස්ථා සංග්‍රහයේ 2(ආ) (අ) සහ (ආ) වගන්ති අනුව අඩු නොකළ වාර්ෂික විශ්‍රාම වැටුප මෙන් දෙගුණයක් හෝ වාර්ෂික වැටුප හෝ යන මේ දෙකෙන් වැඩි වටිනාකම මරණ පාරිතෝෂිකය ලෙස ගෙවීම සිදු වේ.
මරණ පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා හිමිකම් ලබන පාර්ශවයන් කවරහුද?
-
මරණ පාරිතෝෂිකය හිමිගන්වනු ලබන්නේ රජයේ සේවයේ යෙදී සිටින අතරතුර දායකයා මිය යාම හේතුවෙන් අගතියට පත්වන දායකයාගේ නීත්‍යනුකූල යැපෙන්නන් වෙතය.
මරණ පාරිතෝෂිකය හිමිගැන්වීමේදී යැපෙන්නන් ලෙස අර්ථ දක්වන්නේ කවුරුන්ද?
- මියගිය නිලධාරියා/නිලධාරිණිය විවාහක නම්
- නීත්‍යනුකූල කලත්‍රයා
- දායකයා මිය යන දිනට අවිවාහක හා රැකියා විරහිත දරුවන් (දරුවන්ගේ වයස බළනොපායි)
- මියගිය නිලධාරියා/නිලධාරිණිය අවිවාහක නම්
- පියා සහ මව
- මව හෝ පියා යන දෙදෙනාම ජීවතුන් අතර නොමැති නම් අදාළ නිලධාරියා හෝ නිලධාරිණිය මිය ගිය දිනට අවිවාහක හා රැකියා විරහිත සහෝදර සහෝදරියන් (සහෝදර සහෝදරියන් අවිවාහක හා රැකියා විරහිත බව යැපෙන්නන්ගේ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබිය යුතුය)
මිය ගිය නිලධාරියා/නිලධාරිණිය වෙනුවෙන් මරණ පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා යැපෙන්නන් කිසිවෙක් නොමැති අවස්ථාවකදී සිදු කළ යුත්තේ කුමක්ද?
-
යැපෙන්නන් නොමැති අවස්ථාවකදී අදාළ නිලධාරියාගෙන් හෝ නිලධාරිණියගෙන් රජයට අයවීම් පවතී නම් එම රජයට අයවීම් අය කර ගැනීම සඳහා පමණක් මරණ පාරිතෝෂික අයදුම්පත් යොමු කළ යුතුය. එහිදී යැපෙන්නන් නොමැති බවට ප්‍රාදේශීය ලේකම් විසින් තහවුරු කර තිබීම අනිවාර්ය වේ.
මරණ පාරිතෝෂික ගෙවීම් කිරීමේ ක්‍රමවේදය කුමක්ද?
-
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 09/2015 (සංශෝධන iii) හි සඳහන් ආකාරයට මේ වන විට මරණ පාරිතෝෂික ගෙවීම් කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව මරණ පාරිතෝෂික අයදුම්පත මාර්ගගත දත්ත පද්ධතියේ ඇතුලත් කළ යුතු වන අතර පසුව එහි මුද්‍රිත පිටපත ලබා ගෙන, එය (Hard Copy) ආයතන ප්‍රධානී සහතික කිරීමෙන් අනතුරුව අයදුම්පත පිටුපසෙහි දක්වා ඇති සියලුම ලේඛන තිබේදැයි නිවැරදිව පරික්ෂා කිරීමෙන් අනතුරුව එකී සියලුම ලේඛන ආයතන ප්‍රධානී සහතික කර අයදුම්පත සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.
මරණ පාරිතෝෂික අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අනෙකුත් පොදු ලේඛන මොනවාද?
මිය ගිය නිලධාරියාගේ
- මරණ සහතිකයේ මුල් පිටපත
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්
- චර්යා සටහනේ සහතික කළ පිටපතක් - නිලධාරියාගේ මුල් පත්වීමේ දින සිට මිය ගිය දිනය දක්වා සියලුම වර්ෂ හා තොරතුරු ඇතුලත් කර සම්පූර්ණ කරන ලද චර්යා සටහන ඉදිරිපත් කළ යුතු අතර අසම්පූර්ණ චර්යා සටහන් සහිත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදු වනු ඇත.
- පත්වීමේ ලිපියේ සහතික කළ පිටපතක් - ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලිපිය හා ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබා ගැනීමට පෙර අනියම් /ආදේශක /තාවකාලික /අභ්‍යාසලාභී /දෛනික හෝ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇත්නම් එම සියලුම පත්වීම් ලිපිවල සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කළ යුතු අතර පත්වීම් ලිපියක් නොමැතිනම් එම සේවා කාලය මරණ පාරිතෝෂිකය ගෙවීම සඳහා අදාළ කර ගත නොහැක.
- පත්වීම ස්ථිර කිරීමේ ලිපියේ සහතික කළ පිටපතක් - මිය ගිය නිලධාරියාගේ/නිලධාරිණියගේ ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිත තනතුර ස්ථීර කර තිබිය යුතු අතර පත්වීම ස්ථීර කිරීමේ ලිපියක් නොමැතිනම් මරණ පාරිතෝෂිකය ගෙවීමේ හැකියාවක් නොමැති බැවින් ඒ බව නිලධාරියාගේ යැපෙන්නන් වෙත ලිඛිතව දැන්විය යුතුය.
- නොඉල්ලුම් සහතිකය - නිලධාරියාගෙන් රජයට අයවිය යුතු සියලුම රජයට අයකිරීම් සඳහන් කර සකස් කරන ලද නොඉල්ලුම් සහතිකය මෙහි ඇතුලත් කළ යුතුය. නොඉල්ලුම් සහතිකයේ දක්වා ඇති රජයට අයවීම් සහ PD5 අයදුම්පතෙහි දක්වා ඇති රජයට අයවීම් අනිවාර්යෙන්ම සමාන විය යුතු අතර එසේ නොවන අවස්ථාවලදී අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සිදු වනු ඇත.
- සේවා කඩවීම් ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු හා සේවා කඩවීම් පැවති කාලසීමා සඳහා වැන්දඹු හා අනත්දරු දායක මුදල් අය කළ බවට තහවුරුවක්. - (දායක මුදල් අය වී නොමැතිනම් එම කාල සිමාව සඳහා අය විය යුතු දායක මුදල් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 3/2008, 2/2013 හා 3/2008 (සංශෝධන I) අනුව නිවැරදිව ගණනය කර එම ගණනය කිරීමේ වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර, අය විය යුතු මුදල නොඉල්ලුම් සහතිකයට හා PD5 අයදුම්පතට ඇතුලත් කළ යුතුය.
- අවසන් වරට ගත් වැටුප් පත්‍රිකාවේ සහතික කළ පිටපතක්.
- අවසන් වරට ලබා ගත් වැටුප් පරිවර්තන ලිපියේ සහතික කළ පිටපතක්.
- නිවැරදි ආකෘතියට අනුව සම්පූර්ණ කරන ලද යැපෙන්නන්ගේ වාර්තාව.
- සියලුම යැපෙන්නන්ගේ උප්පැන්න සහතික හා බැංකු ගිණුම් පොත්වල සහතික කළ පිටපත්.
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2020 අනුව සකස් කරන ලද PD04 ආයදුම්පත ( වැන්දඹු හා අනත්දරු අයදුම්පත) සහ අදාළ ලේඛන
- පත්වීම පෙරදාතම් කර තිබේ නම් එම පෙරදාතම් කරන ලද කාලසීමාව සඳහා වැන්දඹු අනත්දරු දායක මුදල් අය කර තිබේද යන්න පිළිබඳ තහවුරුවක් - අයකළ යුතු මුදලක් වේනම් එම මුදල නිවැරදිව ගණනය කර, ගණනය කිරීමේ වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර, අය විය යුතු මුදල නොඉල්ලුම් සහතිකයට හා PD5 අයදුම්පතට (මරණ පාරිතෝෂික අයදුම්පතට) ඇතුලත් කළ යුතුය.
එකම අයවීම් වර්ගය යටතේ අයවීම් කිහිපයක් ඇති අවස්ථාවන් වලදී එම අයවීම් පද්ධතියේ ඇතුලත් කරන්නේ කෙසේද?
-
පද්ධතිය තුළ මෙම රජයට අයකිරීම් නිවැරදිව වර්ග කර දැක්විය යුතු අතර, එකම වර්ගීකරණය යටතේ අයකිරිම් කීපයක් දැක්වීම සිදු නොකර එකතුවක් ලෙස දැක්විය යුතුය. (උදා- දෛනික සේවා කාලය වෙනුවෙන් වැන්දඹු හා අනත්දරු අරමුදල වෙනුවෙන් හිඟ දායක මුදල් අයවීමට ඇති අවස්ථාවකදී හා වැඩ තහනම්ව සිටි කාලසීමාවක් සඳහා වැන්දඹු හා අනත්දරු අරමුදල වෙනුවෙන් දායක මුදල් අයවීමට ඇති අවස්ථාවකදී, පද්ධතියේ වැන්දඹු හා අනත්දරු අරමුදල වෙන්වෙන් හිඟ දායක මුදල් අයවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල වෙන්වෙන් හිඟ දායක මුදල් අයවීම ලෙස දෙවතාවක් ඇතුලත් නොකර, එක් වතාවක් පමණක් ඇතුලත් කර අවස්ථාවන් දෙකෙහි එකතුව ඇතුලත් කළ යුතුය.)
නිවැරදි ආකෘතියට සකස් කරන ලද යැපෙන්නන්ගේ වාර්තාව ලබා ගන්නේ කෙසේද?
-
මරණ පාරිතෝෂික දත්ත පද්ධතිය වෙත පිවිසීමේදී, දත්ත පද්ධතියේ අදාළ ආකෘතිය බාගත කර ගැනීමට අවස්ථාව සළසා ඇති අතර එහි සියලුම තොරතුරු සම්පූර්ණ කළ යුතු අතර හිස්තැන් නොතිබිය යුතුය.
විවාහක නිලධාරියෙක්/නිලධාරිණියක් වෙනුවෙන් මරණ පාරිතෝෂිකය හිමි ගැන්වීමේදී ඉදිරිපත් කළ යුතු අනෙකුත් විශේෂ ලේඛන මොනවාද?
- කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ සහ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත්
- විවාහ සහතිකයේ සහතික කළ පිටපතක්
- අවිවාහක, රැකියා විරහිත දරුවන්ගේ උප්පැන්න සහතිකවල හා ජාතික හැඳුනුම්පත්වල සහතික කළ පිටපත්
- කලත්‍රයාගේ සහ අවිවාහක,රැකියා විරහිත දරුවන්ගේ බැංකු ගිණුම් පොත්වල සහතික කළ පිටපත්.(මෙහිදී ගිණුම රජයේ බැංකුවක ගිණුමක් විය යුතු අතර බද්ධ ගිණුමක් නොවිය යුතුය)
- කලත්‍රයා හෝ දරුවන් මිය ගොස් ඇත්නම් ඔවුන්ගේ මරණ සහතිකවල සහතික කළ පිටපත.
- කලත්‍රයාගේ හෝ දරුවන්ගේ නම් වල වෙනස්කම් පවතී නම් ඒ සම්බන්ධව ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ හෝ ඒ බව තහවුරු කෙරෙන නෛතික ලේඛන. - (නමේ වෙනස්කම් පවතින අවස්ථාවන්හීදී, නමෙහි අකුරක වෙනස්කමක් වැනි සුලු වෙනස්කමක් සඳහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුවේ. නමේ අකුරු කිහිපයක හෝ වචනයක පමණ වෙනස්කමක් පවතීනම්,එම වෙනස්කම තහවුරු කර ගැනීමට ග්‍රාම නිලධාරි වාර්තා, මැතිවරණ උධෘත, ප්‍රභූ වාර්තා ආදිය යොදා ගනිමින් පරීක්ෂණයක් පවත්වා නම තහවුරු කරගන ප්‍රාදේශීය ලේකම් වාර්තාවක් මඟින් ඉදිරිපත් කළ යුතු ය. නමෙහි වචන කිහිපයක වෙනස්කමක් පවතින අවස්ථාවන්වලදී හෝ ඉහත සඳහන් කළ ආකාරයට නමෙහි වෙනස්කම තහවුරු කළ නොහැකි අවස්ථාවන් වලදී තම නමෙහි වෙනස්කම නීත්‍යානුකූල ලේඛන (නම සංශෝධනය කර අදාල සංශෝධිත ලේඛන) මගින් තහවුරු කරන ලෙස කලත්‍රයාට දැනුම් දී එකී සංශෝධිත ලේඛන ඉදිරිපත් කළ යුතු ය.
නිලධාරියාට / නිලධාරිණියට හෝ කලත්‍රයාට විවාහයන් කීපයක් තිබී ඇති අවස්ථාවන් වලදී සිදු කළ යුත්තේ කුමක්ද?
එම එක් එක් විවාහයන්ට අදාල විවාහ සහතිකවල සහතික කළ පිටපත්, දික්කසාද නියත තීන්දු ප්‍රකාශයන් හෝ (උසාවි රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ) පෙර විවාහයේ කලත්‍රයාගේ මරණ සහතික ඉදිරිපත් කළ යුතුය. පෙර විවාහවල දරුවන් පිළිබඳ තොරතුරුද (දරුවන් ගණන, වයස,රැකියාවක් සිදු කරන්නේද නැද්ද යන වග දින සහිතව, විවාහකද නැද්ද යන වග දින සහිතව, ඔවුන්ගේ උප්පැන්න සහතික හා බැංකු ගිණුම් පිටපත් ) මේ සමඟ ඉදිරිපත් කිරීම හා යැපෙන්නන්ගේ වාර්තාවේ ඇතුළත් කිරීම අනිවාර්ය වේ.
අවිවාහක නිලධාරියෙකු හෝ නිලධාරිණියෙකු මිය ගිය අවස්ථාවකදී ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද?
- දෙමව්පියන්ගේ ජාතික හැදුනුම්පත්වල සහතික කළ පිටපත්, බැංකු ගිණුම් පොත්වල සහතික කළ පිටපත් හා විවාහ සහතිකයේ සහතික කළ පිටපතක්.
- මව හෝ පියා මිය ගොස් ඇත්නම් ඔවුන්ගේ මරණ සහතිකයන්හි සහතික කළ පිටපත්.
- දෙමාපියන්ගෙන් එක් අයෙක් හෝ ජීවත්වන අවස්ථාවකදී සම්පූර්ණ පාරිතෝෂික මුදල එම අය වෙනුවෙන් හිමිගැන්විය යුතුය.
අවිවාහක නිලධාරියෙකු හෝ නිලධාරිණියෙකු මිය ගිය අවස්ථාවකදී දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර නොමැතිනම් මරණ පාරිතෝෂිකය කවුරුන් වෙනුවෙන් හෝ ගෙවීමේ හැකියාවක් තිබේද?
දෙමව්පියන් දෙදෙනාම නොමැති අවස්ථාවක දී මියගිය නිලධාරියාගේ / නිලධාරිණියගේ අවිවාහක හා රැකියා විරහිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් මරණ පාරිතෝෂිකය ගෙවීමේ හැකියාවක් ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් පිටපත් හා බැංකු ගිණුම් පොත්වල සහතික කළ පිටපත් ඉදිරිපත් කළ යුතුය. (සහෝදර සහෝදරියන්ගේ සිවිල් තත්ත්වය හා රැකියා තත්ත්වය දින සහිතව යැපෙන්නන්ගේ වාර්තාවේ ඇතුලත් කළ යුතුය)
මියගිය නිලධාරියා හට අනියම්/ තාවකාලික/ ආදේශක/ අභ්‍යාසලාභී සේවා කාලයක් පවතින අවස්ථාවන්වලදී ඉහත සඳහන් කරන ලද ලේඛන වලට අමතරව ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද?
- අදාල අනියම්/තාවකාලික/ආදේශක/ අභ්‍යාසලාභී පත්වීම් ලිපියේ හා චර්යා සටහනේ (පොදු 226) සහතික කළ පිටපත්.
- අනියම්/තාවකාලික/ආදේශක/ අභ්‍යාසලාභී සේවා කාලය සඳහා වැන්දඹු හා අනත්දරු දායක මුදල් අයවීම සම්බන්ධ තොරතුරු. (දායක මුදල් අය නොවූ කාලසීමාවක් ඇතිනම් එම කාලයට අදාළව අය විය යුතු මුදල නිවැරදිව ගණනය කර ගණනය කිරීමේ වාර්තා ඉදිරිපත් කළ යුතු අතර, අය විය යුතු මුදල නොඉල්ලුම් සහතිකයට හා PD5 අයදුම්පතට ඇතුලත් කළ යුතුය.)
මරණ පාරිතෝෂික අයදුම්පත් යොමු කිරීමේදී විශේෂයෙන් සැළකිලිමත් විය යුතු කරුණු මොනවාද?
- පද්ධතිය වෙත තොරතුරු ඇතුලත් කිරීමෙන් පසුව මුද්‍රණය කර ගනු ලබන PD5 අයදුම්පත සමඟ, මියගිය නිලධාරියාගේ හා ඔහුගේ යැපෙන්නන්ගේ සියලුම තොරතුරු අයදුම්පතෙහි නිවැරදිව ඇතුලත් කර ඇත්ද යන්න නැවත වරක් පරික්ෂා කර බැලිය යුතු වන අතර, යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත අප වෙත යොමු කිරීමට පෙර නැවත පද්ධතියට වෙත පිවිස අදාළ නිවැරදි කිරීම් සිදු කර නැවත අයදුම්පත මුද්‍රණය කර ගැනීමෙන් පසු ආයතන ප්‍රධානියාගේ අත්සන හා නිල මුද්‍රාවෙන් සහතික කිරීමෙන් පසුව ඉදිරිපත් කළ යුතුය.
- අයදුම්පතේ පිරික්සුම් ලැයිස්තුවේ දක්වා ඇති ලිපිලේඛන අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතුය. එකී සියලුම ලේඛන අමුණා ඇති බවට නැවත වරක් පරීක්ෂා කිරීමට කාරුණික විය යුතුය.
- නොඉල්ලුම් සහතිකයේ දක්වා ඇති රජයට අයවීම් හා PD5 අයදුම්පතේ දක්වා ඇති රජයට අයවීම් සෑම විටම සමාන විය යුතු අතර පද්ධතියේ නිවැරදිව වර්ග කර තිබිය යුතුය. (එකම අයවීම් වර්ගය යටතේ දෙවතාවක් අයවීම් ඇතුලත් නොකළ යුතු අතර, ඒ ඒ වර්ගයට අයත් සියලුම අයවීම්වල එකතුවක් ලෙස පද්ධතියේ අයවීම් ඇතුලත් කළ යුතුය.)
- අනියම්, තාවකාලික, ආදේශක හෝ අභ්‍යාසලාභී සේවා කාලයක් පවතින විට එම කාලසීමාව සඳහා වැන්දඹු හා අනත්දරු දායක මුදල් අයවී ඇති බව ගණකාධිකාරි විසින් තහවුරු කළ යුතු අතර අදාළ කාලසීමාව සඳහා දායක මුදල් අය කර නොමැති නම් මරණ පාරිතෝෂිකයෙන් එම මුදල අය කර ගැනීම සඳහා නොඉල්ලුම් සහතිකයේ සහ PD5 අයදුම්පතේ ඇතුලත් කළ යුතුය.
- යැපෙන්නන්ගේ බැංකු ගිණුම් ශාඛා සහ බැංකු ගිණුම් අංක නිවැරදිව පද්ධතියට ඇතුලත් කර තිබේද යන්න අයදුම්පත යොමු කිරීමට පෙර නැවත පරික්ෂා කරන්න.
- පද්ධතියේ දක්වා ඇති යැපෙන්නන්ගේ වාර්තාවට අදාළ ආකෘතියෙන් පමණක් යැපෙන්නන්ගේ වාර්තාව ඉදිරිපත් කළයුතු අතර, එය හිස්ව නොතබා සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
මරණ පාරිතෝෂිකය හිමිගැන්වීමේදී දායකයාගේ නමෙහි වෙනස්කම් පවතින විට සිදු කළ යුත්තේ කුමක්ද?
එම නමේ වෙනස්කම් විධිමත් ආයතන ප්‍රධානි සහතිකයක් මඟින් තහවුරු කළ යුතු අතර, නම සංශෝධනය කර තිබේනම් එකී ලේඛන ඉදිරිපත් කළ යුතුය. තවද, මිය ගිය නිලධාරියාගේ නමෙහි වෙනස්කම් තහවුරු කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ භාරනොගනී.
මරණ පාරිතෝෂිකය හිමිගැන්වීමේදී කලත්‍රයාගේ නමෙහි වෙනස්කම් පවතින විට සිදුකළ යුත්තේ කුමක්ද?
කලත්‍රයාගේ නමේ වෙනකම් පවතින අවස්ථාවන්හීදී, නමෙහි අකුරක වෙනස්කමක් වැනි සුලු වෙනස්කමක් සඳහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුවේ. නමේ අකුරු කිහිපයක හෝ වචනයක පමණ වෙනස්කමක් පවතීනම්,එම වෙනස්කම තහවුරු කර ගැනීමට ග්‍රාම නිලධාරි වාර්තා, මැතිවරණ උධෘත, ප්‍රභූ වාර්තා ආදිය යොදා ගනිමින් පරීක්ෂණයක් පවත්වා නම තහවුරු කරගෙන ප්‍රාදේශීය ලේකම් වාර්තාවක් මඟින් ඉදිරිපත් කළ යුතු ය. නමෙහි වචන කිහිපයක වෙනස්කමක් පවතින අවස්ථාවන් වලදී හෝ ඉහත සඳහන් කළ ආකාරයට නමෙහි වෙනස්කම තහවුරු කළ නොහැකි අවස්ථාවන් වලදී තම නමෙහි වෙනස්කම නීත්‍යනුකූල ලේඛන (නම සංශෝධනය කර අදාල සංශෝධිත ලේඛන) මගින් තහවුරු කරන ලෙස කලත්‍රයාට දැනුම් දී එකී සංශෝධිත ලේඛන ඉදිරිපත් කළ යුතු ය.
දායකයා මිය යාමට පෙර කලත්‍රයා වෙනත් විවාහයක් සිදු කරගෙන ඇත්නම්, වෙනත් අයෙකු සමඟ ජීවත් වූවානම් හෝ දරුවන් නොසළකා හැර සිටීනම් කළ යුතුතේ කුමක්ද?
දායකයා මිය යාමට පෙර කලත්‍රයා වෙනත් අයෙකු සමඟ ජීවත් වන්නේනම් ඔවුන් නීත්‍යනුකූලව විවාහ වී ඇත්ද යන්න සොයා බලා අදාළ ලේඛන මඟින් හෝ කරුණු පරික්ෂා කර බලා ප්‍රාදේශීය ලේකම් වාර්තාවක් මඟින් තොරතුරු ඉදිරිපත් කළ යුතු අතර, දරුවන් නොසලකා හැර ජීවත් වෙයිනම් ඒ පිළිබඳව ද ප්‍රාදේශීය ලේකම් වාර්තාවක් මාර්ගයෙන් තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
- අදාළ තොරතුරු හා අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු පරීක්ෂා කර බලා ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.
නීත්‍යනුකූල විවාහයක් නොමැතිව වසර ගණනක් වෛවාහක ජීවිතයක් ගතකර ඇති අවස්ථාවන්හීදී සිදු කළ යුතුතේ කුමක්ද?
මෙවැනි අවස්ථාවන්වලදී ග්‍රාම නිලධාරි වාර්තා, මැතිවරණ උධෘත, ප්‍රභූ වාර්තා ආදිය යොදා ගනිමින් පරීක්ෂණයක් පවත්වා දායකයා හා කලත්‍රයා වසර ගණනාවක සිට වෛවාහක ජීවිතයක් ගතකර ඇති බවට කරුණු ඉදිරිපත් වන්නේනම් එකී ලේඛන හා කලත්‍රයා වෙත මරණ පාරිතෝෂික හිමිගැන්වීම නිර්දේශ කරන්නේද නැද්ද යන්නත් ප්‍රාදේශීය ලේකම් වාර්තාවක් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, අදාළ කරුණු පරික්ෂා කර බලා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් මෙම ගෙවීම් සිදු කරන්නේද යන්න සලකා බලනු ඇත.
මරණ පාරිතෝෂික අයදුම්පතක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසු කළ යුත්තේ කුමක්ද?
දෛනිකව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත මරණ පාරිතෝෂික අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබෙන අතර යම් ආයතනයක් විසින් අයදුම්පත් යොමු කිරීමෙන් පසු අවම සතියකට වරක් හෝ පද්ධතිය හරහා එකී අයදුම්පතේ වර්තමාන තත්ත්වය පරික්ෂා කර බැලිය යුතුය. දින 14ක් අවසානයේ අයදුම්පත සම්බන්ධව ඉදිරි කටයුතු කිසිවක් සිදුවී නොමැතිනම් වහාම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව විමසීම ආයතනය සතු වගකීමකි.
මරණ පාරිතෝෂික අයදුම්පතක් අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇත්නම් සිදු කළ යුත්තේ කුමක්ද?
දත්ත පද්ධතිය හරහා පරික්ෂා කර බැලීමේදී අයදුම්පතක් ප්‍රතික්ෂේප වී ඇත්නම් එම ආයතනය විසින් අයදුම්පතේ ගැටලු නිරාකරණය සිදු කර PD5 අයදුම්පත, නිවැරදි කරන ලද සියලුම ලේඛන හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති ලේඛන
- එසේ විද්‍යුත් තැපැල් ලිපිනය මඟින් අවශ්‍ය අඩුපාඩු ඉදිරිපත් කිරීමේදී මරණ පාරිතෝෂික අයදුම්පතේ යොමු අංකය විද්‍යුත් තැපැල් ලිපිනයේ ඇතුලත් කළ යුතු අතර, විෂය නිලධාරියාගේ දුරකථන අංකයද අප වෙත ඉදිරිපත් කළ යුතුය.
- තවද, Reject යටතේ පවතින අයදුම්පත පද්ධතියේ Re-submit කළ යුතුය.
මෙම කරුණු වලට අමතරව යම් අයදුම්පතක් සම්බන්ධව ගැටලුවක් පවතීනම් හෝ උපදෙස් ලබා ගැනීමට අවශ්‍යනම් වහාම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වැන්දඹු හා අනත්දරු අංශය සම්බන්ධ කර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමු.
අප හා සම්බන්ධ විය හැකි ආකාර,
Tel. 011 – 2332346 /1970
Email -