විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025.01.01 වැනි දින රාජකාරී ආරම්භ කරනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වුණේ 2000 වසරේ දීය. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබීමට පෙර චාමින්ද හෙට්ටිආරච්චි මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා 2024.09.16 වැනි දින විශ්‍රාම ගැනීමත් සේවා දිගුවකින් පසු 2024.12.31 වැනි දින ධුරකාලය අවසන් වීමත් සමඟ පුරප්පාඩු වූ එම ධුරයට චාමින්ද හෙට්ටිආරච්චි මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.

මේ වන විට 7,25,000 ක් ඉක්මවා සිටින ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික ප්‍රජාවගේ විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් සිදුකරන තාක්ෂණික සහ නව්‍යකරණ කටයුතු සඳහා සංවර්ධනය හා පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ වසර 25කට ආසන්න ඔහු සතු අත්දැකීම් සම්භාරය බෙහෙවින් ඉවහල් වනු ඇත.

නව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉදිරි රාජකාරී කටයුතු වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන සියලුම නිලධාරින්, දෙපාර්තමේන්තුවට අනුයුක්තව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යලයන්හි කටයුතු කරන නිලධාරින් ඇතුළු ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවගේ සුබාශිංසන මෙසේ පිරිනමන්නෙමු.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline