මෙරට සමස්ත විශ්‍රාමික ප්‍රජාවගේ විශ්‍රාම වැටුප් ගෙවීම් කළමනාකරණය කරනු ලබන රාජ්‍ය ආයතනය වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වර්තමාන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුව අයත් රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන ආමාත්‍යාංශයේ නව ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (2024.03.07) දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

විශ්‍රාමික අයදුම්පත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව විශ්‍රාමිකයන්ගේ පළමු විශ්‍රාම වැටුප සක්‍රීය කරනු ලබන දෙපාර්තමේන්තුවේ විමධ්‍යගත අංශය මෙන්ම මධ්‍යගත, තොරතුරු තාක්ෂණ,වැන්දඹු හා අනත්දරු, පාලන, විදෙස් විශ්‍රාම, ප්‍රතිපත්ති, දායක මුදල්, අභ්‍යන්තර විගණන, සන්නද්ධ සේවා, ගිණුම්, 1970 ක්ෂණික ඇමතුම් අංශය ඇතුළු දෙපාර්තමේන්තුවේ සියලුම අංශයන්හි ක්‍රියාවලින් සිදු වන ආකාරය ඒ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

වසර ගණනාවක සිය රාජකාරි ඉතිහාසය පුරා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කර ඇති බැවින් විශ්‍රාමිකයන් ට බලපාන පොදු ගැටලු සම්බන්ධයෙන් තමා වෙත මනා දැනුමක් පවතින බැවින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක් වී එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා මෙහි දී සඳහන් කරන ලදී.

මෙරට විශාලතම සමාජ ආරක්ෂණ ක්‍රම්වේදය වන විශ්‍රාම වැටුප් ක්‍රමය පවත්වාගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය සකස් කර ඇති ආකාරය ඒ මහතාගේ ප්‍රශංසාවට හේතු විය. එම ක්‍රියාවලිය සංවිධානාත්මක සහ කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යමින් විශ්‍රාමික ප්‍රජාවගේ සුභ සාධනය වෙනුවෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය සිදු කරනු ලබන මෙහෙවර එතුමාගේ ප්‍රසංසාවට ලක් විය

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline