Death gratuity is paid as a one-time benefit to the dependents of public servants who have completed 60 months of gross service in a pensionable post and who die in service while being permanent in service. The covenant for the Payment of death gratuity is provided under Section 2 B(1) of the Pension code.

පසුබිම

සේවයේ යෙදී සිටියදී මියයන සිවිල් නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන් වෙත එක් වරක් පමණක් ගෙවනු ලබන ප්‍රතිලාභයක් ලෙස, මරණ පාරිතෝෂිකය (ම.පා.) ගෙවීම් කරනු ලබයි. මරණ පාරිතෝෂිකය ගෙවීම සම්බන්ධ ව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2ආ(1) වගන්තිය යටතේ විධිවිධාන සලසා ඇත. මරණ පාරිතෝෂිකයක් ගෙවීම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික කරුණු කිහිපයක් ඇත.

  • විශ්‍රාම වැටුප් හිමි තනතුරක සේවය කිරීම
  • සේවයෙහි ස්ථිර කර තිබීම
  • දල සේවා කාලය මාස 60ක් සපුරා තිබීම
  • සේවයේ යෙදී සිටියදී මියයාම

මෙහිදී සිවිල් නිලධාරීන් වෙත මරණ පාරිතෝෂික අංකය නිකුත් කිරීමේදී භාවිත කරන වර්ග සංකේත අංකය 16 වේ.

සන්නද්ධ හමුදාවන්හි, සේවයේ යෙදී සිටියදී මියයන නිලධාරීන් වෙනුවෙන් මරණ පාරිතෝෂිකය ගෙවීමේ කටයුතු හමුදා අංශය මඟින් සිදු කෙරේ.

රාජ්‍ය සේවයේ සිටි පැවිදි නිලධාරීන් අපවත් වීමෙන් පසු ඔවුන් වෙනුවෙන් මරණ පාරිතෝෂිකය ගෙවීම් කරනුයේ රජයට ඇති අයවීම් අයකර ගැනීම සඳහා පමණි.

මරණ පාරිතෝෂිකය සඳහා හිමිකම් ලබනුයේ,

  • විවාහක දායකයින්ගේ/ දායිකාවන්ගේ
    නීත්‍යනුකූල වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා
    දායකයා/ දායිකාව මියගිය දිනට අවිවාහක හා රැකියා විරහිත නීත්‍යනුකූල දරුවන්
  • අවිවාහක දායකයින්/ දායිකායන්ගේ
    මව සහ පියා
    දෙමව්පියන් දෙදෙනාම මියගොස් ඇත්නම් දායකයා/ දායිකාව මියගිය දිනට අවිවාහක හා රැකියා විරහිත සහෝදර සහෝදරියන්
  • නීත්‍යනුකූල යැපෙන්නන් නොමැති අවස්ථාවක දී දායකයා/ දායිකාවගේ රජයට අයවීම් අයකර ගැනීම සඳහා පමණක් ම.පා. හිමිගන්වනු ලැබේ.
ක්‍රමවේදය

1. මාර්ගගත ක්‍රමය

2. මාර්ගගත නොවන ක්‍රමය

අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය

මාර්ගගත ක්‍රමය

  • ආයතනයෙහි විෂය නිලධාරී විසින් දායකයා/ දායිකාවගේ පෞද්ගලික ලිපිගොනුව හරහා අයදුම්පත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු ය
  • වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා/ අනත්දරුවන්/ දෙමව්පියන්/ සහෝදර සහෝදරියන් වෙතින් තොරතුරු හා ලිපිලේඛන ( උප්පැන්න, විවාහ ,මරණ සහතික සහ ජාතික හැඳුනුම්පත්වල පිටපත්, බැංකු ගිණුම් පාස්පොත්වල පිටපත්, යැපෙන්නන්ගේ වාර්තා ආදිය) ලබා ගැනීමෙන් පසුව විෂය නිලධාරී විසින් පහත පියවරයන් අනුගමනය කළ යුතු ය

3

මාර්ගගත නොවන ක්‍රමය

පහත අවස්ථාවලට අදාළ ව මරණ පාරිතෝෂික අයදුම්පත් යොමු කිරීමේ දී විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 9/2015 හි දක්වා ඇති අයදුම්පත හා ඊට අදාළ අනෙකුත් ලිපිලේඛන, නිලධාරියා අවසන් වරට සේවය කරන ලද ආයතනය හරහා තැපැල් මාර්ගයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය වෙත යොමු කළ යුතු වේ.

  • 2006.01.01 දිනට පෙර මියගිය නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් ‍ම.පා.ගෙවීම
  • ත්‍රස්තවාදී හේතූන් මත මියගිය නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් ම.පා. ගෙවීම
  • යැපෙන්නන්ගෙන් එක් අ‍යෙකුට හෝ කීපදෙනෙකුට හිමි ම.පා.කොටස් රඳවා තබා අනෙක් යැපෙන්නන් වෙත හිමි ම.පා.කොටස් පමණක් ගෙවීම

මියගිය දායකයා/ දායිකාවගේ පෞද්ගලික ලිපි ගොනුව හරහා ආයතනයෙහි විෂය නිලධාරි විසින් අයදුම්පත ඉදිරිපත් කිරීම කළ යුතුය.

වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා/ අනත්දරුවන්/ දෙමව්පියන්/ සහෝදර සහෝදරියන් වෙතින් තොරතුරු හා ලිපිලේඛන (උප්පැන්න/ විවාහ/ මරණ සහතික, බැංකු තොරතුරු, ජාතික හැඳුනුම්පත්වල පිටපත් ආදිය) ලබා ගැනීම.

පැරණි PD5 අයදුම්පත සම්පූර්ණකර, ආයතන ප්‍රධානි මඟින් සහතික කර, අදාළ ඇමුණුම් ලේඛන ද සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත තැපෑලෙන් යොමු කිරීම.

 

මාර්ගගත ක්‍රමය යටතේ යොමු කෙරෙන අයදුම්පත් (Online)

ඉහත 02.1.1. යටතේ දක්වා ඇති අවස්ථා හැර අනෙකුත් සෑම අවස්ථාවකදී ම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 09/2015(III) ප්‍රකාර ව මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත් කැඳවීම සිදු කෙරේ. මෙහිදී අයදුම්පතට අදාළ දත්ත පමණක් දත්ත පද්ධතිය ඇතුළත් කළ යුතු අතර, එම තොරතුරු සනාථ කිරීමේ සියලු ලිපිලේඛන තැපැල් මාර්ගයෙන් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.

 

මාර්ගගත අයදුම්පත්වලට අදාළ ව දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා පිළිවෙත

5.2

මාර්ගගත නොවන ආකාරයට යොමු කෙරෙන අයදුම්පත්වලට අදාල ව දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා පිළිවෙත
3

අවශ්‍ය ලිපිලේඛන
  • PD 5 අයදුම්පත (මාර්ගගත හෝ පැරණි අයදුම්පත)
  • නිලධාරියාගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
  • නිලධාරියාගේ මරණ සහතිකය (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ ‍දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත්)     
  • නිලධාරියාගේ උප්පැන්න සහතිකය (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ ‍දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත්)     
  • කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ පිටපත (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ ‍දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත්)       
  • යැපෙන්නන්ගේ උප්පැන්න සහතික (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ ‍දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත්)                              
  • විවාහ සහතිකය
  • චර්යා සටහන
  • කලත්‍රගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • නිලධාරියාගේ ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලිපිය
  • පත්වීම ස්ථිර කිරීමේ ලිපිය
  • යැපෙන්නන්ගේ ජාතික හැඳුනුම්පත් පිටපත්           
  • නොඉල්ලුම් සහතිකය (රජයට අයවීම් සියල්ලම නිවැරදිව ඇතුළත් කරන ලද)           
  • යැපෙන්නන්ගේ වාර්තාව (ග්‍රාම නිලධාරි සහ ප්‍රා.ලේ. අත්සන් කරන ලද)
  • මියගිය නිලධාරියාගේ නමේ වෙනස්කම් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියාගේ තහවුරුව
  • කලත්‍රයාගේ නමේ වෙනස්කම් ඇත්නම් ඒ සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ හෝ නෛතිකව තහවුරු කිරීම සම්බන්ධ ලේඛන
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 අනුව වැටුප් පරිවර්තනය කිරීමේ ලිපිය
  • සේවා කඩවීම් ඇත්නම් ඊට අදාළ ලිපිවල සහතික කළ පිටපත්. (සේවය හැරයාම්/ වැඩ තහනම් කිරීම්/ නැවත සේවයේ පිහිටුවීම් ලිපි)
  • යැපෙන්නන් මියගොස් ඇත්නම් ඔවුන්ගේ මරණ සහතික
  • වැටුප් රහිත සේවා කාලයක් හෝ සේවා කඩවීම් ඇත්නම් ඒ සඳහා වැන්දඹු අනත්දරු දායක මුදල් අයකිරීම තහවුරු කරන වාර්තා
  • දෛනික සේවා කාලයක් ඇත්නම් එම සේවා කාලයට අදාළ,
    • පත්වීම් ලිපිය
    • චර්යා සටහන [පොදු 226(අ)]
  • විවාහයන් කීපයක් ඇත්නම් එම එක් එක් විවාහයන්ට අදාළ,
    • විවාහ සහතික (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද)
    • කලත්‍රයාගේ මරණ සහතික (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද)                                  
    • දික්කසාද නියත තීන්දු ප්‍රකාශ (උසාවි රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද
භාවිත කෙරෙන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ

මෙලෙස මරණ පාරිතෝෂිකය සඳහා හිමිකම ඇති නිලධාරීන්ගේ ප්‍රතිලාභීන් වෙත මරණ පාරිතෝෂික ගෙවීම් කිරීමෙන් අනතුරුව වැ./වැ.පු.අ.වි.වැ.ගෙවීම් කිරීම ද අදාල විෂය නිලධාරීන් විසින් ම සිදු කරනු ලැබේ.

මාර්ගගත නොවන ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවස්ථා
  • 2006.01.01 දිනට පෙර මිය ගිය නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියෙහි ඇතුළත් නොවීම.
  • ම.පා.කොටස් රඳවා තබා ගෙවීම් කිරීමට නොහැකි වීම.
  • නිලධාරීන් තනතුරු අතර මාරුවීම නිසා වැටුප්වල සිදුවන වෙනස්කම්වලට අදාළ ව වැටුප් කේත, දත්ත පද්ධතියෙහි ඇතුළත් නොවීම.
  • මියගිය පුද්ගලයාට ජාතික හැඳුනුම්පතක් නොමැති වීම.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline