The Foreign Pensions Division of the Department of Pensions make payments for the Sri Lankan pensioners who are holding citizenship of another country or holding dual citizenship with Sri Lanka or Sri Lankan pensioners going abroad for more than two years. Foreign pensions are regulated under the pensions circular 1/ 2018.

01/2018 චක්‍රලේඛයට අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විදේශ විශ්‍රාම වැටුප් අංශය විදේශ විශ්‍රාම වැටුප් කාණ්ඩය යටතේ පහත සඳහන් විශ්‍රාමිකයින් සඳහා ගෙවීම් කරයි;

  • වෙනත් රටක පුරවැසිභාවය දරන ශ්‍රී ලාංකික ස්වදේශික විශ්‍රාමිකයන්
  • ශ්‍රී ලංකාව සමඟ ද්විත්ව පුරවැසිභාවය පැවැත්වීම
  • වසර දෙකකට වැඩි කාලයක් විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමිකයින්.
චක්‍රලේඛ පණිවිඩය 01/2018 බාගන්න

විදේශ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන්නේ ලංකා බැංකුව - මෙට්‍රොපොලිටන් ශාඛාව, හැටන් නැෂනල් බැංකුව - පංචිකාවත්ත ශාඛාව, පෑන් ඒෂියා බැංකුව - බොරැල්ල ශාඛාව, මහජන බැංකුව - ක්වීන්ස් ශාඛාව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව - මාලිගාවත්ත ශාඛාව මගින් පවත්වාගෙන යනු ලබන විශේෂ බැංකු ගිණුමක් මඟින් පමණි.

විදේශයන්හි වෙසෙන සියලුම විශ්‍රාමිකයින් සිය වාර්ෂික ජීවිත සහතිකය පෙර වසරේ දෙසැම්බර් 1 වැනිදා සිට ඊළඟ වසරේ මාර්තු 31 වැනිදා දක්වා සෑම වසරකම ලබා දිය යුතුය.  විදේශ විශ්‍රාමිකයින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස මෙහෙයුම් කවුන්ටරයට හෝ විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා තම ජීවිත සහතිකය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

සේවයේ අවශ්‍යතාවය මත විදේශගත වන විශ්‍රාමිකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගෙවීම් කරනු ලබන්නන් ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල හරහා ලබාගත් තම ජීවිත සහතිකය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතුය.        

මාස හයක් (06) නොඉක්මවන කාලයක් සඳහා පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා විදේශගත වන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විදේශ විශ්‍රාමිකයන් ලෙස නොසලකන අතර ඔවුන්ගේ ජීවිත සහතික සාමාන්‍ය මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුය.

ලිපිනය

විදේශ විශ්‍රාම වැටුප් අංශය,
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,
මාලිගාවත්ත,
කොළඹ 10
ශ්‍රී ලංකාව

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline