Payment of Armed Services Pension is made for the members of these forces in accordance with the laws, rule and regulations which have been stipulated in terms of Sri Lanka Army Act No. 17 of 1949, Sri Lanka Navy Act No. 34 of 1950 and Sri Lanka Air Force Act No. 41 of 1949 and amendments made to such acts from time to time.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වශයෙන් සන්නද්ධ හමුදා තුනක් ස්ථාපනය කර ඇත. මෙම හමුදා ත්‍රිත්වය සඳහා පිළිවෙලින් 1949 අංක 17 දරන යුද්ධ හමුදා පනත, 1949 අංක 41 දරන ගුවන් හමුදා පනත හා 1950 අංක 34 දරන නාවික හමුදා පනත හා කලින් කලට කරනු ලබන සංශෝධන ප්‍රකාරව ස්ථාපනය කරන ලද නීති රීති හා රෙගුලාසි මඟින් සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කරනු ලබයි.

යුද්ධ හමුදා පනතේ 29 හා 155 වගන්ති අනුව සම්පාදනය කරන ලද 1981 යුද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය, ගුවන් හමුදා පනතේ 29 හා 155 වගන්ති අනුව සම්පාදනය කරන ලද ගුවන් හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය සහ නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ සම්පාදන කරන ලද 1981 නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය සන්නද්ධ සේවා සාමාජිකයින් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ දී පාදක කරගනු ලබන ප්‍රධාන නෛතික මුලාශ්‍ර වේ.

 

සන්නද්ධ සේවා අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම වැටුප් ගෙවීම්

 

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline