1. රාජ්‍ය අංශයේ සෑම සේවා නියුක්තිකයෙක් සඳහාම විශ්‍රාම වැටුප් හිමිකම් නොලැබෙන අතර, එබදු සේවා නියුක්තිකයන් බලගැන්විය හැකි ආරක්ෂණ අරමුදලක අවශ්‍යතාවය සපුරාලමින් 1942 අංක18 දරණ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ආඥා පනත යටතේ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල පිහිටුවනු ලැබීය.

2. 2003 අංක17දරණ සංශෝධන පනතින් හා, වරින් වර නිකුත් කරන ලද චක්‍රලේඛ මගින් රාජ්‍ය සේවයේ නියුක්ත ස්ථිර, අනියම්, දෛනික වැටුප් ලාභීන්, කොන්ත්‍රාත් පදනමින් බදවා ගත් අයවළුන්, අභ්‍යාස ලාභීන් ආදී පුළුල් පරාසයකින් යුත් සේවා කාණ්ඩයන් සදහා ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි අරමුදලේ අරමුණු හා පරමාර්ථ පුළුල් කර ඇත.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline