විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිතර අසන පැන
මම විශ්‍රාම ගොස් මාස කීපයක් ගතවී ඇතත් මගේ විශ්‍රාම වැටුප මා හට ලැබී නැත.හේතුව කුමක්ද ?
-
විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කිරීමට නම් ඔබ අවසන් වරට සේවය කරන ලද ආයතනය මඟින් මාර්ගගත පද්ධතිය හරහා විශ්‍රාම වැටුප් PD 03 අයදුම්පතක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.ඔබ විශ්‍රාම ගොස් මාස කීපයක් ගත වුවත් ඔබගේ විශ්‍රාම වැටුප් අයදුම්පත ආයතනය මඟින් මෙතෙක් එවා නොමැති නම් හෝ ප්‍රමාද වී එවා ඇත්නම් ඔබගේ විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ කිරීම ප්‍රමාද විය හැකිය.එබැවින් ඔබගේ විශ්‍රාම වැටුප් අයදුම්පත යොමු කළ දිනය පිළිබඳව ඔබ සේවය කරන ආයතනයෙන් විමසන්න.
මාගේ විශ්‍රාම වැටුප් අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව මා දැන ගන්නේ කෙසේද ?
-
විශ්‍රාම වැටුප් අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලද විගස ඒ බව ඔබගේ ජංගම දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දෙනු ලබයි. මීට අමතරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ “විශ්‍රාමිකයා” බටනය ඹබන්න. “ විශ්‍රාමික අයදුම්පත් තොරතුරු ” යටතේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මඟින් ද අයදුම්පත් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට හැකියාව ඇත.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් යොමු කරන කෙටි පණිවිඩ මාගේ දුරකතන අංකයට නොලැබේ.
-
විශ්‍රාම වැටුප් අයදුම්පතේ සඳහන් කර ඇති ජංගම දුරකතන අංකයට පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කෙටි පණිවිඩ යොමු කරන අතර අයදුම්පතේ ජංගම දුරකතන අංකය වැරදියට සටහන් කර තිබීම, ජංගම දුරකතනයේ තාක්ෂණික දෝෂයක් පැවතීම යනාදී කරුණු මත දෙපාර්තමේන්තුවේ දුරකතන කෙටි පණිවිඩ නොලැබී යා හැකිය.
විශ්‍රාම වැටුප් අයදුම්පතක් ලැබී කොපමණ කලකින් විශ්‍රාම වැටුප ලබා ගත හැකිද ?
-
නිලධාරියා අවසන් වරට සේවයේ යෙදී සිටි ආයතනය මඟින් විශ්‍රාම වැටුප් අයදුම්පත අඩුපාඩු රහිතව ඉදිරිපත් කර ඇත්නම් අයදුම්පත ලැබී මසක කාලයක් ඇතුළත විශ්‍රාම වැටුප සක්‍රිය වේ.
විශ්‍රාම වැටුප් අයදුම්පතක් යොමු කළ පසු සිදු වන ක්‍රියාවලිය කුමක්ද ?
-
විශ්‍රාම වැටුප් අයදුම්පතේ සඳහන් කර ඇති ජංගම දුරකතන අංකයට පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කෙටි පණිවිඩ යොමු කරන අතර අයදුම්පතේ ජංගම දුරකතන අංකය වැරදියට සටහන් කර තිබීම, ජංගම දුරකතනයේ තාක්ෂණික දෝෂයක් පැවතීම යනාදී කරුණු මත දෙපාර්තමේන්තුවේ දුරකතන කෙටි පණිවිඩ නොලැබී යා හැකිය.
ප්‍රථම විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීම සිදු වන්නේ කෙසේද ?
-
ප්‍රථම විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, වේලිව සහ ස්ථානය පිළිබඳව අදාළ විශ්‍රාමික නිලධාරින්ගේ ජංගම දුරකතන අංකය වෙත කෙටි පණිවිඩ මඟින් පමණක් දැනුම් දෙනු ලැබේ.
ප්‍රථම විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන්නේ කුමන ස්ථානයන්හිදී ද?
මෙම සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් ස්ථානයන්හිදී පවත්වනු ලබන අතර විශ්‍රාමිකයන්ට තමන්ට පහසු මධ්‍යස්තානයක් විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමු කරන අවස්දාවේ දී තෝරා ගත හැකිය.
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය -මාළිගාවත්ත -කොළඹ 10
- කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ දී සිදු කරන කටයුතු මොනවාද ?
- වැන්දඹු අනත්දරු හිමිකම් පත්‍රය නිකුත් කිරීම
- විශ්‍රාමික හැඳුනුම්පත නිකුත් කිරීම
- ශ්රාමිකයන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම
- විශ්‍රාම වැටුප සක්‍රිය කිරීම