හැඳින්වීම

මධ්‍යගත ක්‍රමය මගින් විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදයේ විශේෂත්වය වන්නේ විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමේ බලය ආයතන ප්‍රධානියා වෙත විමධ්‍යගත නොකොට එම බලතල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතුව තබා ගැනීමයි.

එම නිසා මධ්‍යගත ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් හිමිකම් ලබන විශ්‍රාමික නිලධාරීන්ගේ අයදුම්පත් අදාල ලිපි ලේඛන සමඟ අදාළ ආයතන විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුවේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 3/2015 සංශෝධන (III) ප්‍රකාරව මධ්‍යගත අංශය මගින් පරිගණක මාර්ගගත හා මාර්ගගත නොවන යන දෙයාකාරයෙන්ම විශ්‍රාමිකයන්ගේ ප්‍රථම විශ්‍රාම වැටුප් ගෙවීම සිදුකරනු ලැබේ. 2006.01.01ට පෙර විශ්‍රාම ගැන්වීමක් නම් අයදුම්පත් මාර්ගගත නොවන ආකාරයෙන් යොමු කල යුතු වේ.

 

මධ්‍යගත ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ප්‍රදානය සිදු කරන අවස්ථා

මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් අයදුම්පත් යොමු කල යුතු අවස්ථා
  • තනතුර අහෝසි වීම මත හෝ ආයතනය වසා දැමීම මත විශ්‍රාම යන නිලධාරීන් (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2හා 7 වගන්තිය)
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 30/1988 යටතේ විශ්‍රාම ගන්වන ලද නිලධාරීන් හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 12/2009 යටතේ විශ්‍රාම ගන්වන නිලධාරීන් (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 හා 14 වගන්තිය)
  • විනය හේතු මත විශ්‍රාම ගන්වන නිලධාරීන් (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 හා 12 වගන්තිය)
  • සේවා අකාර්යක්ෂමතාවය මත හා සානුකම්පිත විකල්පයක් ලෙස අනිවාර්ය විශ්‍රාම ගැන්වීමක් ලෙස විශ්‍රාම ගන්වන නිලධාරීන් (විශ්‍රාම වැටුප ව්‍යවස්ථා සංග්‍රහයේ 2 හා 15 වගන්තිය)
  • දෛනික/අනියම්/ආදේශක/කොන්ත්‍රාත් සේවයක යෙදී සිට ස්ථීර පත්වීම වයස අවුරුදු 45ට පසුව ලබා දී ඇති නිලධාරීන් හා සේවා කාලය තුළ වසර 10ට වැඩි වැටුප් රහිත නිවාඩු ලැබූ නිලධාරීන් (විශ්‍රාම වැටුප ව්‍යවස්ථා සංග්‍රහයේ 2 හා 17 වගන්තිය)
  • ස්ථිර මුදා හැරීම මත විශ්‍රාම ගැන්වීම (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 හා 48 වගන්තිය)
මාර්ගගත නොවන ආකාරයෙන් පමණක් අයදුම්පත් යොමු කල යුතු අවස්ථා
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 04/2006න් විශ්‍රාම යන නිලධාරීන්
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 7/2004 යටතේ විශ්‍රාම ගන්වන ලද නිලධාරීන්
  • 1980 ජූලි වැඩ වර්ජනයට සහභාගී වී නැවත සේවයේ යෙදී වයස අවුරුදු 60 සම්පූර්ණ විශ්‍රාම ගන්වන නිලධාරීන්
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 44/1990 යටතේ විශ්‍රාම ගැන්වූ නිලධාරීන්
  • විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 08/2015 මගින් විශ්‍රාම යන නිලධාරීන්
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ “ට” උපලේඛනය යටතේ විශ්‍රාම යන නිලධාරීන්
  • (සේවා මුක්ත) ත්‍රිවිධ හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන නැවත හමුදා නොවන රජයේ සේවයට බඳවා ගත් නිලධාරීන්
  • සේවා පාරිතෝෂික ( සේවා කාලය අවුරුදු 10ක සේවා කාලයක් නොමැති නිලධාරීන්)
අයදුම්පත් යොමු කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

 

 

සිදු කරනු ලබන මූලික කාර්යයන්අයදුම්පතඅයදුම්පත් යොමු කරන ආකාරයඅයදුම්පත් යොමු කිරීමට අදාල චක්‍රලේඛඅවස්ථාව
පළමු විශ්‍රාම වැටුප් සැකසීම   PD03  මාර්ගගත ආකාරයෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 (III) 2006.01.02 ට පසු විශ්‍රාම ගැන්වීමක් නම්
මාර්ගගත නොවන ආකාරයෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2016 2006.01.01ට පෙර විශ්‍රාම ගැන්වීමක් නම්
විශ්‍රාම වැටුප් සංශෝධන  PD06 මාර්ගගත ආකාරයෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 5/2022 2007.07.01 පසු විශ්‍රාම ගැන්වීමක් නම්
මාර්ගගත නොවන ආකාරයෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 9/2015

2007.06.30ට පෙර විශ්‍රාම ගැන්වූ නිලධාරීන් සඳහා හා විශ්‍රාම ගැන්වීමෙන් පසු මිය ගිය විට විශ්‍රාම වැටුප් සංශෝධනක් සිදු වන්නේ නම්

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2016
උරුමකරු ගෙවීම් PD03 මාර්ගගත නොවන ආකාරයෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 7/2022 විශ්‍රාම ගැන්වීමෙන් පසු නිලධාරියා මිය ගොස් ඇති විටක  පාරිතෝෂිකය ‍හෝ හිඟ වැටුප ‍හෝ ඉහත දෙකම උරුමකරුවන් වෙත හිමිගැන්වීම

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline