පසුබිම
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ ප්‍රථම වරට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්තේ 1898 වර්ෂයේ ජූනි 23 වන දින වේ. ඒ 1898 අංක 01 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත ක්‍රියාත්මක කිරීම මගිනි.
  • මුල් කාලීනව සිවිල් නිලධාරීන්ට පමණක් සීමා වූ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය පසුව 1970 අංක 18 දරන වැන්දඹු හා අනත්දරු (සන්නද්ධ හමුදා ) වැටුප් පනත ක්‍රියාත්මක කිරීම හා ඒ යටතේ පනවන ලද 1970.11.28 දිනැති නියෝග මාලාව මගින් සන්නද්ධ සේවා නිලධාරීන් සඳහා ද, 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත ක්‍රියාත්මක කිරීම මගින් කාන්තා නිලධාරිනියන් සඳහා ද මෙම විශ්‍රාම වැටුප් හිමිකම ලබා දෙන ලදි.
  • මෙයට අමතරව ගුරු වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා පළාත් පාලන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය ලෙස තවත් යෝජනා ක්‍රම දෙකක් පැවති අතර මේ වන විට එම යෝජනා ක්‍රම වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රම හා ඒකාබද්ධ කර ඇත.

ඒ අනුව,

“වැන්දඹු/ වැන්දඹු පුරුෂ අනත්දරු ක්‍රමයේ ලියාපදිංචිය ලැබූ රජයේ නිලධාරියෙකු/ නිලධාරිනියකගේ ඇවෑමෙන් ඔවුන්ගේ නීත්‍යනුකූල/ වලංගු විවාහයේ කලත්‍රයා හා අවුරුදු 26 ට අඩු රැකියා විරහිත අනත්දරුවන් වෙත මෙම වැන්දඹු/ වැන්දඹු පුරුෂ අනත්දරු ක්‍රමයේ ප්‍රතිලාභ හිමිගන්වනු ලැබේ.”

  • විවාහයෙන් වසරක් ඇතුළත දරුවන් නොලබා දායකයා මිය ගිය විට ප්‍රතිලාභ සඳහා 1898 අංක 01 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනතේ 28 වන වගන්තිය හා 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් පනතේ 11 වන වගන්තිය අනුව වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිකම නොමැත. එසේ වුව ද විශ්‍රාම වැටුප හෝ එයින් කොටසක් හිමිගැන්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුව පවතී.
  • වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්/ වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගැන්වීමේ දී ඇතිවන ගැටළුකාරී තත්ත්වයන් වල දී කටයුතු කළ යුතු ආකාරය එක් එක් පනතෙහි පහත පරිදි දක්වා ඇත.

1898 අංක 1 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත

“42. මෙම ආඥාපනතෙන් අදහස් කෙරෙන රාජ්‍ය නිලධාරියා කවරෙක් ද? රාජ්‍ය නිලධාරියෙකුගේ වැන්දඹුව හෝ දරුවන් හැටියට විශ්‍රාම වැටුප හිමිවිය යුත්තේ කාට ද ; ඔවුනට හිමි විය යුතු විශ්‍රාම වැටුප කොපමණ ද ; ආදී වශයෙන් පැන නගින කරුණක් ගැන හෝ මෙම ආඥාපනතේ වගන්තියක තේරුම ගැන හා පද පිළිවෙල ගැන හෝ ආඥාපනත යටතේ සාදන ලද කිසියම් නීතියක් හෝ රෙගුලාසියක් ගැන හෝ අධ්‍යක්ෂවරුන්, නිලධාරීන්, වැන්දඹුවන් හෝ අනාථ දරුවන් විසින් කිසියම් ගැටළුවක් මතු කරනු ලැබුවහොත් එම ගැටළුව නිරාකරණය කරනු පිණිස අධ්‍යක්ෂවරුන් විසින් භාණ්ඩාගාර ලේකම් වෙත ඉදිරිපත් කළ යුත්තේ ය. එහිදී භාණ්ඩාගාර ලේකම් විසින් දෙනු ලබන තීරණය අවසාන තීරණය විය යුත්තේ ය.”

1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ‍පනත   

“31. මේ පනතේ අර්ථානුකූලව යම් තැනැත්තියක් දායිකාවක වේද යන්න පිළිබඳව හෝ දායිකාවකගේ වැන්දඹු පුරුෂයකු වශයෙන් හෝ අනත්දරුවකු වශයෙන් යම් තැනැත්තකු මේ පනත යටතේ විශ්‍රාම වැටුපක් ලැබීමට අයිතිවාසිකම් ලැබ තිබෙන්නේ ද යන්න පිළිබඳව හෝ මේ පනත යටතේ වැන්දඹු පුරුෂයකුට හෝ අනත්දරුවකුට ලැබීමට අයිතිවාසිකම තිබෙන විශ්‍රාම වැටුපේ ප්‍රමාණය පිළිබඳව හෝ යම් ප්‍රශ්නයක් උද්ගතවන අවස්ථාවක, ඒ ප්‍රශ්නය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කළ යුතු ය.”

  •  දායකයා හෝ දායිකාව මියගිය දිනයට පසු දින සිට වැ.අ.වි.වැ./ වැ.පු.අ.වි.වැ. හිමිගන්වනු ලැබේ.
ක්‍රමවේදය

මේ අනුව සිවිල් වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් සැකසීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ආකාර 03 කි.

  1. Manual - විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015,06/2015(1)
  2. DS Portal - විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015,06/2015(1)
  3. 03/2020 Online System - විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020

(DS Portal හා  03/2020 Online System යනු, දෙපාර්තමේන්තුවේ පවත්නා තොරතුරු පද්‍ධති වේ.)

 

අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය 
  • සේවයේ යෙදී සිටියදී මියගිය නිලධාරියෙකු/ නිලධාරිනියක වෙනුවෙන් අයදුම් කිරීම.

6

  • විශ්‍රාමික ව සිටියදී මියගිය නිලධාරියෙකු/ නිලධාරිනියක වෙනුවෙන් අයදුම් කිරීම.

7

  • ප්‍රා.ලේ. විසින් අනුමත කිරීමෙන් පසුව පද්ධතිය හරහා අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු වේ.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015, 06/2015 (1) අනුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත්
  • සේවයේ යෙදි සිටියදී මියයන නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිගැන්වීම.
  • විශ්‍රාම වැටුප් අහිමි තත්ත්වයෙන් මියයන නිලධාරීන් / නිලධාරිනියන් වෙනුවෙන් වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු ප්‍රතිලාභ හිමිගැන්වීම.
  • වැන්දඹු විශ්‍රාම වැටුප් ලබමින් සිටින ප්‍රතිලාභී පාර්ශවය යළි විවාහ වීම හේතුවෙන් 50% වැන්දඹු විශ්‍රාම වැටුප් හිමි ගැන්වීම.
  • අතුරුදන් වූ විශ්‍රාමිකයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු වෙනුවෙන් ප්‍රතිලාභ හිමිගැන්වීම.
  • අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගැන්වීම.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015, 06/2015 (1) යටතේ ඉදිරිපත් කෙරෙන අයදුම්පතක් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුගත ක්‍රියා පිළිවෙත.

 8

හිමිකම නොමැති හෝ ගෙවීම් ප්‍රතික්ෂේප වන ගොනු සඳහා නෛතික පදනම සහිතව අදාළ පාර්ශව වෙත ප්‍රතික්ෂේප කිරීමේ ලිපි යොමු කර, ගොනුව ලේඛනාගාරගත කිරීම සිදු කෙරේ.

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015, 06/2015 (1) අනුව පැරණි මාර්ගගත ක්‍රමවේදය (DS Portal System ) යටතේ ඉදිරිපත් කෙරෙන අයදුම්පත්

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 නිකුත් කිරීමට පෙර පැවති ක්‍රමවේදය මෙය වේ. මෙහිදී අයදුම්පත දත්ත පද්ධතියට ඇතුළත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදුකරන ලද අතර, එම තොරතුරු තහවුරු කිරීමේ  ලේඛන පරිලෝකනය කර දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු ය.

මෙම පද්ධතිය මගින් සිදුකරන ලද ගෙවීම් 

  • වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප්
  • වයස අවු.18 සම්පූර්ණ වූ අනත්දරුවන්ට අනත්දරු විශ්‍රාම වැටුප්
  • 50% වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිගැන්වීම
  • වැන්දඹු/ අනත්දරු විශ්‍රාම වැටුප් වැඩි වීම
  • 55 සංශෝධන (එම කොටස මේ වන විට විශමතා අංශය වෙතින් සිදු කරනු ලැබේ.)

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 නිකුත් කිරීමෙන් පසු මෙම දත්ත පද්ධතිය මඟින් අයදුම්පත් යොමු කරනු ලබනුයේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් සහ නැවත විවාහ වූ වැන්දඹු/වැන්දඹු පුරුෂයන් සඳහා 50% විශ්‍රාම වැටුප් හිමිගැන්වීම සහ වැන්දඹු/ අනත්දරු විශ්‍රාම වැටුප් වැඩි වීම (Widow/ Orphan Salary Increase) පමණි.

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 6/2015, 6/2015(1) අනුව DS Portal System මඟින් යොමු කෙරෙන අයදුම්පත් සඳහා දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා පිළිවෙත 9
  • මෙහි දී වැන්දඹු/ අනත්දරු විශ්‍රාම වැටුප් වැඩි වීම (Widow/ Orphan Salary Increase) යන්න මඟින් සිදු කරනුයේ, අනත්දරුවන් කිහිපදෙනෙකු සිටින විට දී එක් එක් අනත්දරුවාගේ හිමිකම අවසන් වූ විට එම දරුවාට ගෙවන ලද විශ්‍රාම වැටුප් කොටස අනෙක් අනත්දරුවන්ට/ අනත්දරුවාට ගෙවන විශ්‍රාම වැටුපට එකතු කිරීමත්, නීත්‍යනුකූල විවාහ කිහිපයක වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා හා පෙර විවාහයේ අනත්දරුවන්ට ගෙවීමක දී එම අනත්දරු හිමිකම අවසන් වූ පසු එම දරුවන්ට/ දරුවාට ගෙවීම් කළ විශ්‍රාම වැටුප් කොටස වැන්දඹු/ වැන්දඹු පුරුෂයාට ගෙවන විශ්‍රාම වැටුපට එකතු කිරීමත් ය. එහි දී ඉහත ක්‍රියාවලිය ම සිදු කෙරෙන අතර, හිඟ වැටුප් ගණනය කර, පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ගෙවීම් වාර්තාව ලබාගැනීමට ප්‍රථම දත්ත පද්ධතියෙහි පිවිසුම මඟින් ස.අ.(වැ.අ.වි.වැ.) නිර්දේශය ලබා දීම සිදු කෙරේ.
  • මෙම ක්‍රියාවලියේදී ද හිඟ මුදල රු. ලක්ෂ 7.5 ඉක්මවන අවස්ථාවලදී ප්‍රා.ලේ.කාර්යාලයෙන් මුල් විශ්‍රාම වැටුප් ලිපිගොනුව වි.වැ.දෙ.වෙත ගෙන්වාගෙන, මාර්ගගත නොවන ක්‍රමයට අනුව වැ./ වැ.පු.අ.වි.වැ. ගෙවීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීම සිදු‍ කෙරේ. මෙහිදී එම ගොනුවෙහි,
    • ගෙවීම් නවත්වන ලද දිනය තහවුරු කිරීම.
    • වැඩිපුර ගෙවීම් පවතීද? පවතී නම් එම මුදල කොපමණද? එම මුදල නැවත අයකරගෙන තිබේද? යන්න තහවුරු කිරීමට මුදල් ගෙවීමේ කුවිතාන්සියෙහි සහතික කළ පිටපත ඇතුළත් කර එවිය යුතුය.
  • මෙසේ වැ.අ.වි.වැ. අංශය වෙත යොමු කෙරෙන ගොනුව,

10

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 අනුව මාර්ගගතව (online) ඉදිරිපත් කෙරෙන අයදුම්පත් 

  • විශ්‍රාම වැටුප් ලබා මියයන දායක/ දායිකාවන් වෙනුවෙන් වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු ප්‍රතිලාභ හිමිගැන්වීම සඳහා ප්‍රා.ලේ කාර්යාල වෙතින් අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මෙම චක්‍රලේඛයට අනුකූලව ය. 

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 අනුව යොමු කෙරෙන අයදුම්පත් සඳහා දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා පිළිවෙත

11

 

  • මෙම අයදුම්පත් ඉදිරිපත් වන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ වන බැවින් හිඟ මුදල් රු.ලක්ෂ5 ඉක්මවන්නේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සිවිල් / සේවා විශ්‍රාම වැටුප් ලිපිගොනු වැ.අ.වි.වැ.අංශය වෙත කැඳවීම සිදු කෙරේ. එසේ කැඳවන ගොනුවල හිඟ වැටුප් ගණනයකර පරීක්ෂාව සඳහා යොමු කිරීම, නිර්දේශ කිරීම සහ අනුමත කිරීම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලැබේ.
  • මෙම ගොනු යොමු කිරීමේදී ඒවායෙහි,
    • ගෙවීම් නවත්වන ලද දිනය තහවුරු කිරීම.
    • වැඩිපුර ගෙවීම් පවතීද? පවතී නම් එම මුදල කොපමණද? එම මුදල නැවත අයකරගෙන තිබේද යන්න තහවුරු කිරීමට මුදල් ගෙවීමේ කුවිතාන්සියෙහි සහතික කළ පිටපත ඇතුළත් කර එවිය යුතුය.
  • මෙසේ වැ.අ.වි.වැ. අංශය වෙත යොමු කෙරෙන ගොනුව,

 12

  • ඉහත දැක්වෙන සියලුම ආකාරයන්ගෙන් ගෙවීම් සඳහා යොමු කෙරෙන ලිපිගොනුවල හිඟ වැටුප රු.ලක්ෂ 15 ඉක්මවන්නේ නම් එම ලිපි ගොනුවල මාසික ගෙවීම පමණක් සක්‍රීයකර, හිඟ වැටුප සඳහා අනුමැතිය ලබාගැනීමට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ කමිටුවක් වෙත යොමු කිරීම සිදු කෙරෙන අතර, එම අනුමැතිය ලද පසු හිඟ වැටුප් ගෙවීම සඳහා වි.වැ.දෙපාර්තමේන්තු ගිණුම් අංශය වෙත යොමු කෙරෙනු ඇත.
  • මෙයට අමතර ව යම් නිලධාරියෙකු විශ්‍රාම ගන්වා, විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර මියගිය විට ඔහුගේ/ ඇයගේ උරුමකරුවන් වෙත උරුමකරු ගෙවීම් සිදු කිරීම දෙපාර්තමේන්තුවෙහි මධ්‍යගත විශ්‍රාම වැටුප් අංශයෙන් සිදුකර, වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු සඳහා එම ලිපි ගොනුව යොමු කරනු ලැබේ. ඒ අනුව එම ලිපි ගොනුවල ඉදිරි ක්‍රියාවලිය ඉහත විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2015(1) අනුව සිදු කෙරේ.
  • එසේ ම විදේශගත වී සිටින වැන්දඹු/ වැන්දඹු පුරුෂයන් වෙත වැ.වි. වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු විදේශ විශ්‍රාම වැටුප් අංශය මඟින් සිදු කෙරේ.
  • 1898 අංක 01 දරන වැ.අ.වි.වැ.ආඥාපනතේ 43 වගන්තිය ප්‍රකාර ව යම් නිලධාරියෙකු වැ.අ.වි.වැ. දායක මුදල් ගෙවීම අවසන් කිරීමෙන් පසුව එනම්, විශ්‍රාම යාම/ සේවයෙන් අස් කිරීම/ සේ‍වයෙන් ඉල්ලා අස් වීම යන අවස්ථා‍වලින් පසුව එළඹෙන විවාහයන්ගෙන් ඇති වන වැන්දඹු/ වැන්දඹු පුරුෂ/ අනත්දරුවන් වැ.අ.වි.වැ. ක්‍රමයෙහි ප්‍රතිලාභ සඳහා හිමිකම් නොලබයි. නමුත් වි.වැ.ව්‍ය.සංග්‍රහයේ 2-7 වගන්තිය යටතේ විශ්‍රාම ගන්වනු ලබන (තනතුර අහෝසි වීම මත) නිලධාරීන්/ නිලධාරිනියන් විසින් ඔවුනගේ වයස අවු.55 දක්වා සිදුකරගන්නා විවාහයන් සඳහා මෙම විධිවිධාන අදාළ නොවේ.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මාර්ගගත දත්ත පද්ධති ඔස්සේ අයදුම්පත් යොමු කිරීමේදී වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා/ අනත්දරුවා සහ වැ.අ.වි.වැ. අංකය තහවුරු කරගැනීමේ පහසුව සඳහා වැ.අ.වි.වැ. ලිපි ගොනු පරිලෝකනයකර AuraDocs නම් තොරතුරු පද්ධතියකට ඇතුළත්කර ඇත. මෙය මගින් අදාළ පුද්ගලයාගේ වැ.අ.වි.වැ. සාමාජික අංකය හෝ නම සෙවුම් කිරීම ඔස්සේ වැ.අ.වි.වැ. ලිපි ගොනු පරිලෝකනය වී ඇත්නම් එය පරීක්ෂා කළ හැකිය.
  • AuraDocs තොරතුරු පද්ධතිය වෙත පිවිසීම සඳහා ලියාපදිංචි වී තිබිය යුතුය. ඒ සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශය වෙතින් පිවිසුමක් සකස් කරගත යුතුය.

සැ.යු.- මෙම දත්ත පද්ධතිය සඳහා පිවිසුම් පහසුකම් ලබා දී ඇත්තේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයන් හි විශ්‍රාම වැටුප් විෂය භාර නිලධාරීන් වෙත පමණි.

AuraDocs තොරතුරු පද්ධතිය මගින් ලිපි ගොනුවක් සෙවුම් කරන ආකාරය පහතින් දැක්වේ.

13

මෙසේ පරිලෝකනය වී නොමැති ලිපි ගොනු ප්‍රා.ලේ. කාර්යාල මගින් යොමු කරන ඉල්ලීම්වලට අනුව, වැ.අ.වි.වැ.ලේඛනාගාරයෙන් ලබාගෙන, පරිලෝකනයකර ‍ AuraDocs පද්ධතියට ඇතුළත් කිරීම සිදුකරනු ලැබේ.

අවශ්‍ය ලිපි ලේඛන
  • PD 4 අයදුම්පත
  • දායකයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • දායකයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • කලත්‍රයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • විවාහ සහතිකය
  • දායකයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
  • කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පි‍ටපත
  • කලත්‍රයාගේ ඉතිරි කිරීමේ ගිණුමක (තනි පුද්ගල) බැංකු පාස්පොතේ සහතික කළ පිටපත
  • දායකයාගේ නමේ වෙනස්කම් පවතී නම්, විධිමත් ආයතන ප්‍රධානි තහවුරුවක්
  • කලත්‍රයාගේ නමේ වෙනස්කම් පවතී නම් විධිමත් දිවුරුම් ප්‍රකාශයක් හෝ එම වෙනස්කම් තහවුරු කිරීම සඳහා නෛතික ලිපිලේඛන
  • දායකයාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ පවතී නම් එම විවාහයන්හි,
    • විවාහ සහතික
    • එම විවාහ අවසන් වූ අයුරු තහවුරු කිරීමට දික්කසාද සහතික (උඩරට සහ මුස්ලිම් විවාහ සඳහා)
    • දික්කසාද නඩුවේ නියත තීන්දු ප්‍රකාශ
    • මරණ සහතික යන ලේඛනයන්හි මුල් පිටපත්
  • දායකයාගේ පෙර විවාහයන්ගෙන් උපන් අවු.26 ට අඩු රැකියා විරහිත දරුවන්ගේ උප්පැන්න සහතික සහ බැංකු තොරතුරු
  • අවුරුදු 18 ට වැඩි අනත්දරුවන්ගේ රැකියා වියුක්තිය/ නියුක්තිය තහවුරු කිරීමට අදාළ ලේඛන
  • වැන්දඹුව/ වැන්දඹු පුරුෂයාගේ සිවිල් තත්ත්ව වාර්තා (ප්‍රා.ලේ. අනුඅත්සන් කිරීම අනිවාර්ය වේ.)
භාවිත කරන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
භාවිත වන වර්ග සංකේත අංක
  • වැන්දඹු විශ්‍රාම වැටුප් - 21
  • වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් - 22
  • අනත්දරු විශ්‍රාම වැටුප් - 23

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline