රාජ්‍ය නිලධාරියෙකු/ නිලධාරිනියෙකුට දාව උපන්, අවු.26 ට පෙර හෝ උපතින් ම, සිය ජීවනෝපාය සලසා ගැනීමට නොහැකි අයුරින් ශාරීරික ව හෝ මානසික ව නිත්‍ය වශයෙන් ආබාධිත වූ දරුවන් සිටීනම් ඔවුන් වෙත මෙම ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කරනු ලැබේ.

මේ සඳහා 08.15 දිනැති 1719/3 අංක දරන අති විශෙෂ ගැසට් පත්‍රය සහ 1981 අංක 44 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනතෙහි 11 වගන්තිය මඟින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි 29 වන වගන්තියට, 29අ අලුත් වගන්තිය ඇතුළත් කිරීම මඟින් පහත පරිදි ප්‍රතිපාදන සලසා ඇත.

“29අ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පත් කරන ලද වෛද්‍ය නිලධරයන් තුන් දෙනකුගෙන් සමන්විත වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් විසින් අනත්දරුවකු ඔහුගේ ජීවනෝපාය සලසා ගැනීමට නොහැකි වන්නා වූ ශාරීරික හෝ මානසික අශක්‍යතාවකින් පෙළෙන බවට තීරණය කළ විටක ඒ අනත් දරුවාට, වයස ගැන නොතකා, මේ ආඥාපනත යටතේ යාව ජීව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම තිබිය යුතු ය.”

තව ද වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනතෙහි 7 වැනි වගන්තියට ද ඉහත අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් රෙගුලාසි පනවා ඇත.

ක්‍රමවේදය
  • සේවයේ යෙදී සිටියදී මියගිය නිලධාරීන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා ජීවත්ව නොමැති අවස්ථාවකදී දායකයාට දාව උපන් ආබාධිත දරුවන් සිටී නම් එම දරුවන් වෙත ආබාධිත විශ්‍රාම වැටුපක් හිමිගැන්වීම සලකා බැලේ.
  • තව ද විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමිකයෙකු/ විශ්‍රාමිකාවක මියගිය පසු කාලානුරූපීව වැ.අ.වි.වැටුපෙහි හිමිකාරිත්වය වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා වෙතත්, ඇයගේ/ ඔහුගේ ඇවෑමෙන් පසුව ආබාධිත දරුවන් වෙතත් හිමිගැන්වීම සිදු කෙරේ.
  • ආබාධිත අනත්දරුවා වෙනුවෙන් සම්පූර්ණ කරන ලද PD4 අයදුම්පත, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/2009 අනුව සම්පූර්ණ කරන ලද ආබා 1 අයදුම්පත, සෞඛ්‍ය 307 වාර්තාව, අවු.26 ට පෙර ආබාධයට ලක් වූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා, භාරකරු පිළිබඳ නිර්දේශ සමඟ මූලික
  • පරීක්ෂණය සිදුකර නිරීක්ෂණ, නිගමන සහ නිර්දේශ සහිත වාර්තාවක් සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ඇති විශ්‍රාම වැටුප් ලිපිගොනුව වි.වැ.දෙ.වෙත යොමු කළ යුතුය.
  • මව හා පියා යන දෙදෙනාම වැ.අ.වි.වැ. ක්‍රමයෙහි දායකත්වය දරන්නේ නම් දෙදෙනාගේම හිමිකම ආබාධිත අනත්දරුවා වෙත ලැබේ.
  • විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ 2014.02.25 දිනැති තීරණය අනුව මව හා පියා යන දෙදෙනාගේ වැටුප්වලින් වැඩි වැටුප සම්පූර්ණයෙන් හා අඩු වැටුපෙන් 50%ක් ලෙස ගෙවීම් කරනු ලැබේ.
  • 2014.08.05 දිනැති ප්‍රතිපත්ති කමිටු තීරණ අංක ප්‍රති/14/05/06 අනුව උපතේ සිට ආබාධිත අනත්දරුවන් වෙතත් වෛද්‍ය මණ්ඩල නිර්දේශය ලද දිනය පදනම් කරගෙන ගෙවීම් ඇරඹීම සිදු කෙරේ.
  • තව ද 08.05 දිනැති ප්‍රතිපත්ති කමිටු තීරණ අංක ප්‍රති/14/05/07 අනුව උපතේදී ආබාධිත නොවන අනත්දරුවන් වසර 05 කට වරක් වෛද්‍ය මණ්ඩලයකට යොමු කර ආබාධිත තත්ත්වය තවදුරටත් පවතීද යන්න නිශ්චය කරගෙන ගෙවීම් සිදු කිරීම සඳහා කටයුතු කෙරේ.
අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය

 10 1

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුගත  ක්‍රියාවලිය

 10 4

අවශ්‍ය ලිපිලේඛන
  • PD 4 අයදුම්පත
  • සන්නද්ධ බලසේනා අයදුම්පත (දායකයා/ දායිකාව හමුදා සේවයේ සිටි අයෙකු නම්)
  • ආබා 1 අයදුම්පත
  • දායකයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • කලත්‍රයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • දායකයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • කලත්‍රයාගේ උප්පැන්න සහතිකය 
  • විවාහ සහතිකය
  • ආබාධිත දරුවාගේ/ දරුවන්ගේ උප්පැන්න සහතික
  • ආබාධිත දරුවාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත*
  • භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පි‍ටපත*
  • ආබාධිත දරුවා වෙත ගෙවීම් කරන්නේ නම් එම බැංකු පාස්පොතේ සහතික කළ පිටපත*
  • භාරකරුවෙකුගේ භාරකාරත්වය යටතේ ගෙවීම් කරන්නේ නම් ඔහු/ ඇයගේ බැංකු පාස්‍පොතේ සහතික කළ පිටපත*
  • සෞඛ්‍ය 307 වාර්තාව
  • අවු.26 ට පෙර ප්‍රතිකාර ලබාගත් වෛද්‍ය වාර්තා
  • ප්‍රාදේශීය ලේකම් විසින් පවත්වනු ලබන මූලික පරීක්ෂණ වාර්තාව සහ නිර්දේශ
  • විශ්‍රාම වැටුප් මුල් ගොනුව
  • දායකයාගේ නමේ වෙනස්කම් පවතී නම්, විධිමත් ආයතන ප්‍රධානි තහවුරුවක්
  • දායකයාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ පවතී නම් එම විවාහයන්හි
    • Death certificate
    • විවාහ සහතික
    • එම විවාහ අවසන් වූ ආකාරය තහවුරු කිරීමට දික්කසාද සහතික (උඩරට විවාහ සඳහා)
    • දික්කසාද නඩුවේ නියත තීන්දු ප්‍රකාශ
    • මරණ සහතික යන ලේඛනයන්හි මුල් පිටපත්
  • ආබාධිත දරුවා සිටිනුයේ නිවාසයක නම් ඒ පිළිබඳ තොරතුරු
    • මාසික වියදම් ඇස්තමේන්තුව
    • එම නිවාසය රජයේ ලියාපදිංචි කර ඇති බව තහවුරු කිරීමට ලිපිලේඛන
  • ආබාධිත දරුවාගේ සම්පූර්ණ ඡායාරූපයක්
  • ආබාධිත දරුවා විවාහක අයෙකු නම්, ඔහුගේ ආදායම් තත්ත්වය/ දේපල හිමිකම/ පවුලේ ආදායම පිළිබඳ ග්‍රා.නි. විසින් නිර්දේශ කරන ලද ප්‍රා.ලේ.වාර්තාව

*ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතු ය.

*බැංකු ගිණුම් නති පුද්ගල සහ ඉතිරිකිරීමේ ගිණුම් විය යුතු ය.

භාවිත කෙරෙන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
භාවිත වන වර්ග සංකේත අංක
  • වැන්දඹු ආබාධිත විශ්‍රාම වැටුප් - 24
  • වැන්දඹු පුරුෂ ආබාධිත විශ්‍රාම වැටුප් - 28
  • සන්නද්ධ සේවා ආබාධිත විශ්‍රාම වැටුප් - 42
  • සන්නද්ධ සේවා වැන්දඹු පුරුෂ ආබාධිත විශ්‍රාම වැටුප් - 46

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline